Give us a minute, we'll be thinking.... Give us an hour, we'll be planing..... Give us a day, we'll be traveling....
Wednesday, November 7, 2012
කලු දොදොල් තමා බං රහම....
හෙඩිම දැක්කම එක එක හාදයොන්ට එක එක දේවල් හිතෙන්ට ඇති. ඒත් මම කියන්න යන්නේ කලු දොදොලක් හදන හැටි මිසක් වෙන මොකවත් නෙමෙයි ඕං...
අවශ්‍ය දෑ
පොල් ගෙඩි 15යි
සෝදා කුඩුකරගත් හාල් කිලෝ 1 1/2ක්. (හාල් පිටි කිලෝ එකහමාරක්)
ලුණු ස්වල්පයක් (මේස හැන්දක් පමන)
සීනි කිලෝ 06ක්
මුලින්ම කරන්න තියෙන්නේ දොදොලේ තරමට ඇති පදං පොල් ගාගන්න එකයි. මම හදන්න ගත්තේ පොල් ගෙඩි 15ක දොදොලක්. මෙ ගාලා බේසමකට දාලා තියෙන්නේ පොල් ගෙඩි 15ක ගාපු පොල්.
ඊට පස්සේ ඉතිං මිරිකන්න තමා තියෙන්නේ. මම ආසම වැඩේ තමා පොල් මිරිකන එක. මිරිකන්න කොහොමත් ඉස්කෝලෙ යන දවස්වල ඉඳංම අපේ හාදයෝ දස්සයිනේ. උණුවතුර ටිකක් එහෙම දාලා තියලා හොඳට මිරිකගත්ත පොල් කිරි තමා මේ ලොකු බාල්දියක දාලා තියෙන්නේ.
දැං තාච්චිය ලිප උඩ තියෙන වෙලාව. දොදොල හදන්න ගමේ ගෙවල්වල වෙනමම තාච්චියක් වගේම දොදොල හැදී ගාන්න වෙනමම දොදොල් හැන්දක් තියෙනවා. සාමාන්‍යයෙන් එලිමහනේ තමා ලිප හදන්නේ. පැය තුනක් විතර හැඳිගෑමක් තියෙනවා. ඒ නිසා තමා ලිප එලි මහනේ හදන්නේ. ඒ නිසා එලියේ ලිපක් හදලා ගින්දර එහෙම පදමට දීලා මුලින්ම සීනි කිලෝ එකක් විතර තාච්චියට දාලා ලිප උඩ තියෙනවා කර වෙන්න. දොදොලේ පාට එන්නේ මේ සීනි කරකිරිල්ලෙන්.
සීනි ටික කර උනායින් පස්සේ මිරිකගත්ත පොල්කිරි ටික ඔක්කොම තාච්චියට දාන්න ඕනේ. පොල් කිරිත් එක්කම ඉතුරු සීනි ටිකත් ලුණු ටිකකුත් තාච්චියට දාගන්න ඕනි. ඒත් එක්කම හාල්පිටි කිලෝ එකහ මාරත් තාච්චියට දාගන්න ඔනා.
දැං තමා හැඳිගාන්න තියෙන්නේ. මෙක තමා අමාරුම වැඩේ. සාමාන්‍යයෙන් දොදොල පැය තුනත් තුනහමාරත් අතර කාලයක් ලිප තියන්න වෙනවා. ඒ කාලය ඇතුලත එක දිගටම දොදොල හැඳි ගෑම අනිවාර්යයි. දොදොල බොහොම ඉක්මනින් අඩි අල්ලනවා. මිනිත්තුවක් දෙකක් ඇති දොදොල අඩි අල්ලන්න. ඒ නිසා නොනවත්වා හැදීගෑම අනිවාර්යයි. මේ වැඩේ එක්කෙනෙකුට කරන්න අමාරුයි. ඒ නිසා දෙන්නෙක්වත් මාරුවෙන් මාරුවට හැදීගාන්න ඕනි. ඒත් එක්කම ලිපේ ගින්දර නියමිත ගානට තියාගන්න එකත් හරි වැදගත්. ලිප නිවෙන්නට නොදී නොනවත්වා හැදීගාගෙන එනකොට දොදොලේ පදම හැදීගෙන එනවා.
ඔහොම හැඳිගාගෙන එනකොට තාච්චිය ඇතුලේ දොදොලේ වටෙන් තෙල් උනන්න ගන්නවා. අපේ ගම් වල මතයක් තියෙනවා මෙහෙම තෙල් උනන්න පටන් ගත්ත ගමන් පොල්කොල ටිකක් ලිපට එකතුකලොත් දොදොලෙ වැඩිපුර තෙල් ඔක්කොම උඩට උනනවා කියලා. ඒකේ විද්‍යාත්මක පැත්ත මොකද්ද කියලා නම් මම දන්නේ නෑ. ඒත් ඒ වෙලාවට පොල්කොල ටිකක් ලිපට එකතුකලාම තෙල් උනන කතාව නම් හැබෑවක්. කොහොමත් පොල් ගෙඩි 15ක දොදොලකින් තෙල් බෝතල් බාගයකට වඩා එකතුකරගන්න පුළුවන්. කොහොමත් මේ එකතුවෙන තෙල් නිසා දොදොලේ තෙල් සාන්ද්‍රනය අඩු වෙනවා. ඒක සෞඛ්‍යටත් හොඳා. මෙහෙම තෙල් එකතු කරගත්තායින් පස්සේ කජු ටිකක් එහෙම දොදොලට එකතු කරගත්තොත් රස තවත් වැඩියි.
මේ හැම දෙයක්ම කරන අතරේ හැදීගාන එක කරගෙන යන්න ඕනේ. නැත්තම් ලොවෙත් දොදොල අඩි අල්ලනවා. ඔහොම පැය තුනක් තුනහමාරක් විතර හැඳිගානකොට එක්තරා අවස්ථාවක් එනවා දොදොල එකට ඇලෙන්න ගන්න. ඒක හැදීගානකොට තේරෙනවා. ඒ වෙලාවට දොදොල ලිපෙන් බාගන්න ඕනි.
ඉන් පස්සේ ඉතිං තැටියක තුනී කරලා නිවෙනකන් ඉඳලා කපලා කන්න තමා තියෙන්නේ. කන තරම් ලේසි නෑ ඕං හදන එක.
බ්ලොග් අවකාශයේ ඉන්න මම වගේ දොදොල් පෙරේතයන්ටයි මේ පෝස්ට් එක...
Subscribe to:
Post Comments (Atom)
මගේ ප්‍රියතම කෑමක්. කඩෙන්ම කනවා. ඉස්සර අපේ ආච්චි ඕක හදන්න ගමේ ගෑණු ඔක්කෝම වගේ ගෙන්න ගන්නවා. හැබයි උනුත් එන්නේ පැනලා. අපේ ආච්චි වෙස්සන්තර අප්පුහාමිලයි නෑයෝ.
ReplyDeleteමාතර ගියාම අනිවා මට නම් හැඳිගාන කෝස් එක සැට් වෙනවාමයි...
Deleteහුටා ඔහේගේ ගම මාතරෙයි ? :D
Deleteමේක නං පුතෝ අපට කරන්න බෑ. ඒත් හදන කෙනෙකුට නම් වටිනවා.
ReplyDeleteමම සමකය වටේ (samakaya wate)දුවන එකා
ඇයි බැරි... ලොවෙත් පුළුවන්. මට නම් හදලා හදලම දැං පුරුදු වෙලා මචං
Deleteස්තුතියි
පස්ට කෑම තමයි දොදොල්
ReplyDelete