Thursday, December 13, 2012

ලෝසක හාමුදුරුවෝ





අපි හැම කෙනෙකුගෙම ගෙදර සීවලී පින්තූරයක් එල්ලලා තියනවා. ඒ බුද්ධ සාසනයේ ලාභින් අත්තරින් අග්‍ර වන්නේ අපේ සීවලී මහා හාමුදුරුවෝ නිසයි. සීවලී හාමුදුරුවන්ගේ ලාභී ගුණයට සම්පූර්යනයෙන්ම වෙනස් තවත් මහ රහත් හිමි කෙනෙක් හිටියා කියලා ඔයාලා දන්නවාද? මම කියන්න යන්නේ ඒ කතාව.

ලෝසක හාමුදුරුවෝ.

බුද්ධ කාලයේ කොසොල් නුවර එක්තරා විදියක දුප්පත් දරුවෙක් වාසය කරලා තියෙනවා. මේ දරුවාට කිසිම කෙනෙක් සිගමනක් දෙන්නේ නැහැ. කිසිම කෑමක් ලැබෙන්නේ නැහැ. මේ දරුවා ජීවත් වෙලා තියෙන්නේ කුනුගොඩවල් හාරා අවුස්සා කෑමෙනුයි. ඒ ලැබෙන කෑමත් සරිලන්නේ යැපීමට පමනයි.බඩ පිරෙන්නට මුලු ජීවිත කාලේම කිසිම කෑමක් කාලා නැහැ. ටික කලක් යනකොට කාත් කවුරුත් නැති මේ දරුවාගේ සිරුර නහර වැල් ඉලිප්පිලා පඬූ පාටට හැරිලා තියෙනවා.



දවසක් අපේ සැරියුත් මහා හාමුදුරුවෝ සැවැත් නුවර මහා විදියේ පින්ඩපාතයේ වඩිනකොට මේ අසරන දරුවා දැක්කා. දැකලා ඒ දරුවා ගැන අනුකම්පා කරලා පැවදි කර ගත්තා. ලෝසක හාමුදුරුවෝ නමින්. පැවදි උනා කියලා උන් වහන්සේට වෙනසක් උනේ නැහැ. දානය ගිලන් පස ලැබීම අතින් බොහෝම අන්ත තත්වයක තමයි උන් වහන්සේ හිටියේ.කොසොල් රජුගේ අසදෘෂ මහා දානයේදීවත් හරි හැටි ආහාරයක් ලැබුනේ නැති බව තමයි කියවෙන්නේ. සිව්පසය ලැබීම අතින් ලෝසක හාමුදුරුවෝ වගේ දුර්වල හිමි නමක් මුලු බුද්ධ ශාසන්යේම නැති තරම්.



උන්වහන්සේට දානය පිලිගන්වනකොට පාත්‍රයේ කට දක්වා පිරීගියා මෙන් මිනිසුන්ට පෙනිලා තියෙනවා. ඒ උන්වහන්සේ පෙර කර තිබූ අකුසල කරිම නිසා. මේ ආකාරයෙන් ටික කලක් ගත වුනා. ලෝසක තෙරුන්ට මේ භවයේ විදිනා දුක ටික ටික තේරෙන්න ගත්තා. උන් වහන්සේ ගණයා කෙරෙන් වෙන්වෙලා කෙලෙස් තවන වෙර ඇතිව විදසුන් වඩා මහ රහත් භාවයට පත් වූවා. රහත් වුවා කියලත් වෙනසක් උනේ නැහැ. සිව් පසය ලැබීම අතින් බොහෝම අන්ත තත්වයක තමයි උන් වහන්සේ සිටියේ. බත් ලැබෙනකොට බත් ලැබෙන්නේ හැන්දයි. කඩල ඇට දෙක තුනයි.



මෙසේ බොහෝම අමාරු තත්වයක උන් වහන්සේ ජීවත් උනා. කෙමෙන් කෙමෙන් උන් වහන්සේ පිරිණිවන් පානා දවස උදා වුනා. එදින පෙරවරුවේ දම් සෙනෙවි සැරියුත් මහා හාමුදුරුවො, ලෝසක තෙරනුවෝ පිළිබදව අතීතය ආවර්ජනා කරමින් සිටියා. උන් වහන්සේගේ දිවැසට ලෝසක තෙරනුවන් එදින සවස් ජාමයේ පිරිණිවනට වඩිනා බව පෙනීගියා. ලෝසක හාමුදුරුවෝ මුලු ජීවිත කාලය පුරාවටම බඩ පිරෙන තරමේ ආහාරයක් වලදා තිබුනේ නැති බව උන් වහන්සේට පෙනී ගියා. මම අදවත් ආහාරයකින් සoග්‍රහ කල යුතුයි කියා සිතූ සැරියුත් හාමුදුරුවෝ ලෝසක තෙරුන් සමග පින්ඩපාතයේ වැඩියා සැවැත් නුවර වෙත. සියලුම මිනිසුන් සැරියුත් මහ තෙරුන්ගේ පාත්‍රයට අහාර පූජා කරා. නමුත් සැරියුත් හාමුදුරුවන් සමග වැඩි ලෝසක තෙරුන්ට කිසිවක් පූජාකලේ නැහැ. සැරියුත් තෙරුන්ට එසේ වීමට හේතු වැටහුනා. දෙවන අවස්ථාවේ ලෝසක තෙරුන් විහාරයට පිටත් කරවා සැරියුත් තෙරුන් තනිව පින්ඩපාතයේ වැඩියා. පාත්‍රය පිරී ගිය පසුව උන් වහන්සේ පුද්ගලයෙකු ගෙන්වා ඒ ආහාර පාත්‍රය ලෝසක තෙරුන් වෙත පිටත් කර යැවුවා. නමුත් ඒ පුද්ගලයා අතරමගදී ඒ සියලු අහාර අනුභව කලා.



මදක් දවල් වී සැරියුත් හාමුදුරුවන් ලෝසක තෙරුන්වෙත පැමින මම ඔබ වහන්සේට දවල් ආහාර පාත්‍රයක් පුරවා එවනු ලැබුවා. ඔබ වහන්සේට ඒවා ලැබුනා දැයි විමසා සිටියා. එවැනි යමක් තමන් වහන්සේ වෙත නොලැබුන බව ලෝසක තෙරුන්, සැරියුත් හාමුදුරුවන් වෙත ප්‍රකාශ කලා. පෙර කර්ම වල විපාක හොදහැටි වටහාගෙන සිටි සැරියුත් හාමුදුරුවෝ මේ පින්ඩපාතයට කාලය නොවයි. යන්නට ඇත්තේ රජ මැදුර පමනයි සිතා තනිවම කොසොල් රජුගේ මාලිගාවට වැඩම කලා. අවේලාවේ තම මැදුරට පින්ඩපාතයේ වැඩි සැරියුත් තෙරනුවන් හට රජතුමා චතුමදුර පූජාකලා.


ඒ පාත්‍රය රැගෙන ලෝසක තෙරුන් වෙත ගිය සැරියුත් හාමුදුරුවෝ තම පාත්‍රය තුල ඇති චතුමදුර වලදන ලෙන ලෝසක තෙරුන්ට කියා සිටියා. නමුත් සැරියුත් හාමුදුරුවන්ට ඇති ගෞරවය නිසා ලෝසක තෙරුන් කිසිවක් නොපවසා පසකට වී සිටියා. ඒ බව දුටු සැරියුත් තෙරුන් "ඇවැත්නි පසුබට වෙන්න එපා. මම පාත්‍රය අල්ල ගෙණ සිටින්නම්. එසේ නොවුනහොත් මේ සියලු චතුමදුර අතුරුදහන් වී යනු ඇත. මෙහි එන්න. ඇවිත් මේ චතුමදුර වළදන්න" යැයි පවසා සිටියා. ලෝසක තෙරනුවො, සැරියුත් හාමුදුරුවෝ පාත්‍රය අල්ලා සිටියදීම චතුමදුර වැළදුවා. සැරියුත් හාමුදුරුවන්ගේ අනන්ත අප්‍රමාන සීල බලය නිසා පාත්‍රය තුල වූ ආහාර වලට කිසිවක් වුනේ නැහැ. ලෝසක තෙරුන් මුලු ජීවිත කාලය පුරාවටම බඩකට පුරා ඇති තරම් ආහාර වැළදුවේ මෙදින පමනයි. ඒ අපේ මහා සැරියුත් හාමුදුරුවන්ගේ පිහිටෙන්.



මේ දානය වළදා නොබෝ වේලාවකින් උන් වහන්සේ අපවත් වුනා. ලෝසක තෙරුන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කර වෙහෙරක් කරවීමට අප මහා බුදුරජානන් වහන්සේ කටයුතු කලා.

9 comments:

  1. ඉතා වැදගත් කතාවක්. මිනිස්සු පවු කරන්නේ හරි ලොකු දෙයක් කියල හිතාගෙන නමුත් ඒවගේ ප්‍රති විපාක එනකොට එන්නේ රම්පෙට පොරි හැලෙන්න. මමනම් පුළුවන් තරම් පවින් ඈත්වෙලා ඉන්න තමයි උත්සහ කරන්නේ.
    කෝරලේ වලව්ව

    ReplyDelete
  2. මේ වගේ දෙයක් කියලා දුන්නට බොහොමත්ම ස්තුතියි.

    ReplyDelete
  3. minissu waradi karanawa labana athme mona weida kiyala hithanne

    ReplyDelete
  4. බොහොම වටින කතාවක් ඔබට පින්

    ReplyDelete
  5. මං කියවලා තියෙනවා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ගැන. ‍ලෝසක හිමි ඒ අතර උන්නාද? කො‍හොම උනත මේ අද තමයි මේ ගැන දැන ගත්තේ. උන්නාන්සේගේ අතීත කතාවත් කියන්න. මොකද එහෙම උනේ කියලාවත් දැන ගන්න.

    බොහොම පින් ඇති වැඩක්... මොකද මේ ගැන මං වගේම තවත් බොහෝ අද නොදන්නා බව විශ්වාසයි. දිගු බ්ලොග් සංචාරයකට ආසිරි පතමි.

    ReplyDelete
  6. ඔව් මචන් මේ ළමය සැරියුත් හාමුදුරුවන්ට මුණ ගැහෙන්න
    කලින් කතාව මීට හපන් .මෙයා ඉපදෙන්න ඉද්දි ඒ කියන්නේ
    අම්මගේ බඩට ආව දවසේ ඉඳලම ඒ සැඩොල් ගමට ලොකු ධුර්භීක්ෂ
    කාලයක් ඇවිල්ල..පස්සේ නායකයා හොයල බලල හේතුව..එයාට
    තෙරුනාලු මේ වෙද්දී ඉපදෙන්න ඉන්න දරුවෙක් හින්දයි මෙහෙම වෙන්නේ
    කියලා මුළු ගමේම අය දෙපැත්තට කරලු ටික කාලයක්..ලොසකගේ අම්ම
    ඉන්න පැත්ත ඇර අනික් පැත්ත අයට කිසි ගැටළුවක් නැතිව ආයෙම ආහාර
    ලැබෙන්න ගත්තලු..ආයෙම ලොසක ඉන්න පිලේ අය දෙකට බෙදුවලු..
    ඔහොම ඔහොම බෙදාගෙන බෙදාගෙන ගියාලු ලොසකගේ අම්මා තනි
    වෙනකම්ම..ඉතින් ලොසකයි එයාගේ අම්මවයි පිටුවහල් කරාලු ගමෙන්..
    ලොසක ඉපදුනාට පස්සේ ටිකක් මෙයා ලොකු මහත් වෙනකම් ඉඳල අම්මා
    කරපු වැඩේ පොඩි බිස්කට් ටින් එකක් හොයල දීල කිව්වලු මේ ටින් කෑල්ල
    අරන් පලයන් ජීවිතේ හොයන් කියල ..ඒ නිසයි මෙයාට ලෝසක කියන්නෙත්..
    ලෝහ සකක් (ලෝහ තැටියක් අතින් ගත් කොලුවා )
    ඔහොම පාරවල් ගානේ ඉබාගාතේ ඇවිදිමින් ඉද්දි තමා සැරියුත් හාමුදුරුවන්ට
    හම්බෙන්නේ මචන්...

    ගොඩක් හොද පොස්ට් එකක් මචන්..මාත් ආසාවෙන් බැලුව...
    ගොඩක් හොදයි මෙහෙම ඒවත් ටික ටික දාන එක..

    ReplyDelete
  7. බොහොම වැදගත් කතාවක්

    ReplyDelete
  8. කාශ්යප බුදු සසුනෙදි රහතන් වහන්සේ කෙනෙක්ගෙ සිව් පසය වලෙක්වීමෙ විපාකය නිසයි එහෙම වෙල තියෙන්නෙ
    මම උපුල්

    ReplyDelete
  9. ඇත්තටම මං මේ කතාව දැනගෙන හිටියේ නෑ.නියමයි

    ReplyDelete