Saturday, September 7, 2013

හූව..

හූ...
හූ..........
හූ.................

මොකෙක් හරි එකෙක් "හූ...." කියනවා ඇහුනොත් අපි මොකද්ද උගෙන් ඉස්සෙල්ලම අහන්නේ..

"මොකද යකෝ නරියෙක් වගේ හූ.... කියන්නේ?"  
"මොකද උඹට යකෙක් ගහලද?"

එහෙමත් නැත්තම් මොකෙක් හරි එකෙක් හෙලුවෙන් හිටියොත්...
පොඩි කාලේ හෙලුවෙන් ඉන්න පොඩි උන් බය කරන්නෙත් "අපෝ කවුරු හරි දැක්කොත් හූ කියයි" 


හු.. ව අනන්‍ය වෙන්නේ නරින්ටයි යක්කුන්ටයි, විතරමද? එහෙමත් නැත්තම් හූ කියන්නේ හෙලුවෙන් ඉන්න උංට විතරද? 



කොහොම හරි Train Trip දෙවෙනි අදියරත් සාර්ථක නෙමෙයි අති සාර්ථක විදියට අවසන් උනා කියලා පෙරා කියන්නේ ගොඩාක් සන්තෝසෙන්. පෙරාට විතරක් නෙමෙයි "Traveler" Team එකේ හැමෝටම එහෙමයි. ට්‍රැවලර් ටීම් එක වෙනුවෙන් අපේ Train Trip දෙවෙනි අදියරට සහභාගී වෙච්ච එලකිරියේ සාමාජිකයන්ට වගේම නන් අයුරින් සහය දක්වපු එකි මෙකී නොකී සෑම කෙනෙක්ටම පෙරා ස්තූතිවන්ත වෙනවා.



ට්‍රිප් කිව්වාම එක එක ආකාරයේ ට්‍රිප් තියෙනවා. Pilgrims, Cruise, Day Outing, Voyage, Hikes නැත්තම් Trekker Trips, Road Trips වගේ ඕන තරම් කියන්න පුළුවන්. Modern Rail Hiking වගේම Train Trip කියන සංකල්පය මුලින්ම අරගෙන ආවේ අපේ ටීම් එක කියලා පෙරා කියන්නේ පොඩ්ඩක් විතර ආඩම්බරයෙන්. බයෙන් බයෙන් තමා මුල්ම පාර Train Trip එක Organize කරේ. කට්ටියකට ඇත්තටමමේක විහිලුවක් උනාට Train Trips වලට ආසා කරන කට්ටියක් ඉන්නවා කියලා Train Trip Season I "යාල් දේවී"  අවසානයේ පෙරා ඇතුලු සංචාරකයා කන්ඩායමටම තේරුම් ගියා.

යුද්ධයත් එක්ක වැසී ගිය තලේමන්නාරම් තොට දුම්රිය මාර්ගය බලන්න මීට අවුරුද්දකට විතර කට විතර කලින් අපේ මන්නාරම සංචාරයේදී අපිට පුළුවන් උනා. එදා අපි හැමෝගෙන හිත් වල තිබුනු අදිටනක් තමා තලේමන්නාරමට අපි කවදා හරි කෝච්චියක යනවා කියන එක.

මඩු පාර දුම්රිය ස්ථානය තලේමන්නාරම් දුම්රිය මාර්ගයේ සංධිස්ථානයක්. තලේමන්නාරම් දුම්රිය මාර්ගය නැවත ඉදිකිරීමේ වැඩපිළිවෙල යටතේ මීට මාස කීපයකට කලියෙන් මඩුපාර දුම්රිය ස්ථානයට දුම්රිය මාර්ගය විවෘත්ත කෙරුනා. එදා ඉඳං අපේ කන්ඩායම හිටියේ කොයි වෙලේ කෝච්චියේ මඩු යනවදෝ කියලා හිතමිනුයි.

ඒ අතරේ තමා අපි හැමෝම ඒකමතික තීරණයකට ආවේ Train Trip Season II එක කරමු කියලා. පස්සේ එලකිරියේ Open ත්‍රෙඩ් එකක් දාලා අපි කට්ටිය එකතුකරගත්තා අපේ Train Trip Season II "මඩු" සංචාරය වෙනුවෙන්.

අපේ ගමනට මෙදා පාර එකතුවෙච්ච කට්ටිය මෙහෙමයි.

Traveler Team එක වෙනුවෙන්

Tharinda අයියා - tharinda76
Nadiya - nadeera84
Kadiya - jkadithya
Sathare - stharanga & Dileka
Chamika - chamikawp
Diluma - BC_Dilum

ඒ සමගම අපිත් එක්ක එලකිරියෙන් එකතු උනා
Lasa.lasa & Sanju
Nu1Dnk
Sanjee
Djram
Minipura අයියා
Saki2
Dezel x2
Prageeth119lk
Randike Mendis
Kandyan
Delmar
Sali07
tharindumj
kmc madushan
load king

මේ ට්‍රිප් එකෙත් කතන්දර මවපු ට්‍රිප් එකක්.  පෙරා පින්තූර ටික දාලා පැත්තකට වෙන්නම්.



අපි ගමන් ආරම්භ කලේ උදේ 5.45ට කොටුවෙන් ඕමන්ත බලා පිටත් වෙන යාල් දේවියේ






ශ්‍රී ලංකා දුම්රිය සේවයට එක්කාසු උන අලුත්ම සාමාජිකයා... හිටං ඉන්න අංකල් නෙමෙයි. පිටිපස්සේ තියෙන ඇංජිම. M10




යාල්දේවියයි උඩරට මැණිකෙයි වෙන් වෙන ස්ථානය. පොල්ගහවෙල සන්දිය.














 මේ ඉන්නේ ඩෙල්මා.. මුගේ ඇත්තම නම ඩෙල්මා. මේ පින්තූරෙ බොහෝල දුර්ලභ පින්තූරයක්. සබන් කෑල්ලක් මලක් අතේ තියන් ඉන්න අති දුලභ ජායාරූපයක්.


















අනුරාධපුරයේදී යාල්දේවියේ ඇන්ජිම ටර්න් ටෙබල් එකට ගෙනියනවා. 



























යාල්දේවියේ නැරඹුම් මැදිරිය. පළමු පන්තියේ ආසන.






අපි මැදවච්චියට ගොඩ බැස්සා.


මඩු පාර දුම්රිය ස්ථානයට යන්න තියෙන්නේ රේල් බස් එකක.





ඒ අතරේ අපේ දිවා ආහාරය සූදානම් වෙනවා..


මේ දැයට කිරුල දුම්රිය. යාල්දේවියත් දැයට කිරුලත් දෙකම මැදවච්චියට එනකං රේල් බස් එක පිටත් වෙන්නේ නෑ.



රේල් බස් එක් පිටත් උනා...





























අවසානයේ අපි මඩු පාර දුම්රිය ස්ථානයට ලඟා උනා.




නැවත මැදවච්චිය කරා.

































තවත් සංචාරයක නිමාව එසේ  සටහන් උනා..