Friday, October 19, 2012

අපි....

වැඩි කාලයක් ඕනේ නෑ. මීට අවුරුදු 02කට කලින් අරගමු.... මීට අවුරුදු දෙකකට කලින් මම් මේ අද ඉඳන් ලියන්න හදන කතාන්දර ගොන්නේ ඉන්න අය එක්කෙනෙක්වත් මම අදුරන්නේ නෑ. ඒක මට විතරක් නෙමෙයි. හැමෝටම පොදු වෙච්ච ඇත්තක්. කෙටියෙන්ම කීවොත් අපේ යාළුකම් ඇති වෙලා තවම අවුරුදු දෙකක්වත් නෑ. ඒත් ඒ අවුරුදු දෙක ඇතුලත අපි අතර ඇති උනේ පුදුමාකාරයේ සහෝදර බැඳිමක්.  සමාන දේවල් වලට සමාන දේවල් එකතු වෙනවා කියලා බුදු හාමුදුරුවෝ පවා දේශනා කරලා තියෙනවා නේ. අපි අතර තියෙන ඒ සමානකම තමා අපිව මේ තරමට ලං කරවන්න, මේ තරමට අපිව සහෝදර බැදීමකින් එකතුකරලා තියාගන්න මූලිකම හේතුව.  වෙන කිසි දෙයක් නෙමෙයි. ඒ අපේ විනෝදාංශය. අපේ විනෝදාංශය  මේ අපේ පුංචි ලස්සන ලංකාව වටේ කරක්ගහන එක. කතාව දිගටම කියාගෙන යන්න කලින් පෝස්ට් එකේ නමට සාධාරනයක් කරලා ඉන්න ඔනේ. කවුද මේ "අපි" මුලින්ම මම "අපි" කවුද කියලා කියලා ඉන්නම්.

ආදිත්‍ය -  "Founder"
Presenter @ Team Travelers
"JK/කඩියා"


නදීර - The Driver ("I don't care about the distance. Only thing I do care is the Time")
Adviser  (Traveling/Vehicles ) @ Team Travelers
"නදියා"


චමිත් - "Silent Hunter"
Adviser  (Routes/ Locations/ Destinations) @ Team Travelers
"චමිතා"


චාමික - "Official Entertainment Partner"
Translator/Writer @ Team Travelers
"චාමියා/ඩප්පියා"


දිලුම් -  "The Learning Kid"
Marketer  @ Team Travelers 
"බස් දිලුමා"


ලහිරු - "Designer"
Web Developer @ Team Travelers 
"පටා"


සුමිත් - "#1 Fan"
Translator/Writer @ Team Travelers 
"සුමියා"


අමිල - "ස්ප්‍රයිට්.. පාර කෙලිං"
Videographer/Editor @ Team Travelers
"බංඩා"


අජිත් - "Rough Rider" (*Conditions Apply)
Marketer  @ Team Travelers 
"බෝල්ටා"


සංජීව - "Supplier"
Marketer  @ Team Travelers
"සතරේ "


නිසල් - "Social Media Addict"
Adviser  (Social Media) @ Team Travelers
"නිකා"



සහ බ්ලොග් එක ලියන මේ මම

නවෝද - "Rail Enthusiast "
Photographer @ Team Travelers
"පෙරා" 


මේ ඉන්නේ "අපි" එහෙනම් පළවෙනි පෝස්ට් එක විදියට "අපි" ගැන කතා කරමු. අවුරුදු දෙකකටත් අඩු කාලයකදී අපි සෑහෙන්න සාර්ථක ට්‍රැවලිං ටීම් එකක් තත්වයට පත් වෙලා තියෙනවා. මම මේ පුරසාරම් දොඩවනවා එහෙම නෙමෙයි. බ්ලොග් එක ඉදිරියට කරගෙන යනකොට ඒ දේවල් ඔයාලා හැමෝටම දැකබලා ගන්න පුලුවන්. මම එහෙනම් මේ ඉස්සෙල්ලාම කියන්න යන්නේ "අපි" එකතු වෙච්ච හැටි. මේක එක කතාවක් නම් නෙමෙයි. මේක බොහෝම රස බර කතා ගොන්නක්. .....මේ විස්ථරය අහගෙන ඉන්න කෙනෙකුට හරිම අපූරු කතා විස්ථරයක් වේවි. ..


අපි හැමෝම එකතු උනේ අන්තර්ජාලය හරහා කීවොත් සමහර විට ඔයාලා පුදුම වේවි. ඒ උනාට ඒක තමා ඇත්ත. අපි අතර තියෙන සහොදර බැදීම, ලෙංගතුකම, යාළුකම දිහා බලාගෙන ඉන්න අපේ ගෙවල් වල උදවිය පවා සමහර වෙලාවට පුදුම වෙනවා. අපි හැමෝම එකතු උනේ එලකිරි.කොම් වෙබ් අඩවිය හරහා.
එලකිරි.කොම් කියලා වෙබ් සයිට් එකක් තියෙනවා කියලා මම ඉස්සෙල්ලාම දැක්කේ 2007 අවුරුද්දේ මුල. තැනත් මම කියන්නම් කෝ. වයිෆ්ගේ ඔෆිස් එකට ගිය වෙලාවක (ඒ කාලේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ) ඔෆිස් එකේ වැඩ කරන මල්ලිලා කීප දෙනෙකුම පිස්සුවෙන් වගේ මොකද්දෝ සයිට් එකක පෝස්ට් දාමින් ඉන්නවා. සින්දු ඩවුන්ලෝඩ් කරනවා. ඇත්තටම මම ඒ වෙලේ හිනා උනා. මේ මොන විකාරයක්ද මේ කියලා. පෝස්ට් කවුන්ට් එක වැඩි කරගන්න ඕන කියකිය උං ඔක්කොමලා පිස්සුවෙන් වගේ එක එක දේවල් ලියනවා මම දැක්කා. ඒ දවස් වල මම උං ඔක්කොටම හිනා උනා මිසක් හීනෙකින්වත් හිතුවේ නෑ මගේ ජීවිතේට මෙ සයිට් එක මෙච්චර කිට්ටු වෙයි කියලා.
2009 අවුරුද්දේ යුනිටි ප්ලාසා එකේ ජොබ් එක කරන කාලේ මට හදිස්සියේ ඕන උනා NFS එකේ ක්‍රැක් ෆයිල් එකක්. Internet එකේ දාගෙන හෙවුවත් මට ඒ වෙලේ ඒක හොයා ගන්න බැරි උනා. ඒ වෙලේ මාත් එක්ක ඔෆිස් එකේ හිටිය මගේ යාළුවා තමා මට කීවේ "එලකිරි.කොම් එකේ පෝස්ට් එකක් දාලා බලපං. සමහර විට තියෙන කෙනෙක් දේවී උඹට" කියලා. ඔන්න ඕක නිසා තමා මම Mr. Perera කියන ID එක හදාගෙන එලකිරියත් එක්ක එකතු උනේ. යුනිටි ප්ලාසා එකේ හිටිය මාස 06 කියන්නේ මගේ ජීවිතේ කවදකමවත් අමතක නොවෙන මාස 06ක්. දැං හම්බවෙන පඩියෙන් 1/4යි ඇත්තම කියනවා නම් මට ඒ කාලේ හම්බ උනේ. ඒත් ඒ දවස් ටිකේ ජීවිතේට හම්බ වෙච්ච අත්දැකීම් කවමදාකවත් හම්බ වෙන්නේ නෑ. 
ඔහොම Mr. Perera කියන ID එක ඔහේ පෝස්ට් දදා ඉන්නකොට මට හිතුනා නිකං කාලේ කකා ඉන්නවට වඩා මගේ දැණුමටත් බලන අයගේ දැණුමටත් වැඩක් ඇති දෙයක් කරා නම් හොඳයි කියලා. ඒ නිසා අන්තර්ජාලයෙන් විස්ථර හොයලා හොයලා ලයිට් හවුස් ගැන ත්‍රෙඩ් එක ලිව්වා දවසක් තිස්සේ. ඒ ත්‍රෙඩ් එකෙන් තමා මගේ ID එක ගොඩක් අය අඳුර ගත්තේ. ඊට පස්සේ දෙවෙනි හිට් වෙච්ච ත්‍රෙඩ් එක උනේ වෙස් මුහුණු ගැන ත්‍රෙඩ් එක. ලංකාවේ වෙස් මුහුණු කලාව පිලිබදව තොරතුරු හොයලා මම ත්‍රෙඩ් එකක් ලීවා. ඒ ත්‍රෙඩ් එකට සෑහෙන්න ප්‍රතිචාර තිබුනා. ඉන් පස්සේ දිගටම මහන්සි වෙලා දවස් ගනන් ලියලා ලියලා ත්‍රෙඩ් කරන්න ගත්තා. එලකිරියේ ප්‍රශ්න වලට කතා කලා. වලි දාගෙන ඇති අනන්තවත්. දවස් ගනං, මාස ගනං ඇදෙන වලි.
පොඩි කාලේ ඉඳලා මම ආසම දේ තමා කෝච්චි. ටිකෙන් ටික එලකිරියේ කෝච්චි ගැන මම දන්න දේවල්, මම ගත්ත පින්තූර වගේ දේවල් මම පෝස්ට් කරන්න ගත්තා. මුලින් මම නොහිතුව තරමේ ප්‍රතිචාර ඒවාට තිබුනා. මම වගේම Rail Enthusiast ලා ගොඩක් මේ සයිට් එකේ ඉන්නවා කියලා මට තේරුම් ගියේ ටිකෙන් ටික. ටිකෙං ටික එලකිරියේ සාමාජිකයෝ එකිනෙකා මගේ යාළුවන් වෙන්න පටං ගත්තා
එලකිරියේ මම ගොඩාක් ඇක්ටිව් වෙලා ත්‍රෙඩ්ස් කරපු කාලේ තමා 2009 අග ඉඳන් 2011 මුල වෙනකං. 2010 මැද්දේ මගේ ට්‍රැවලිං ත්‍රෙඩ්ස් වගේම කෝච්චි ත්‍රෙඩ් එලකිරියේ ගොඩාක් ජනප්‍රිය වෙලා තිබුනා. ඒ කාලේ තමා jkadithya කියන ID එකෙන් මට PM එකක් එන්නේ (මින් ඉස්සරහට මම JK කියල හඳුන්වන්නම්) එලකිරි සංචාරකයා ත්‍රෙඩ් එක ගැන කියලා. මම එච්චර ගනන් ගන්නේ නෑ ඒ PM (PM කියන්නේ Private Message කියන එක. එලකිරි සයිට් එක හරහා යවන මැසේජ් වලට PM කියලා තමා කියන්නේ) එක. ඒත් පස්සේ පස්සේ එලකිරියෙන් මාත් එක්ක චැට් එකට සෙට් වෙච්ච JK ව ඉස්සෙල්ලාම මම දකින්නේ Skype එකෙන්. Skype එකෙන් මම කතා කරත් එච්චර ලොකු ෆිට් එකක් අපි දෙන්නා අතර තිබුනේ නෑ. ඒ කාලේ කොහොමත් එලකිරි සාමාජිකයන් තමන්ගේ සැබෑ පින්තූර එහෙම එලකිරියේ පෝස්ට් කරන්නේ නෑ නේ. ට්‍රිප් එකක් ගියත් දාන්නේ ගිය තැන් වල පින්තූර විතරයි. කොහොමින් කොහොම හරි ඔය අතරේ තමා එලකිරියේ ඇඩ්මින් ත්‍රෙඩ් එකක් දාන්නේ Jet Liner එකේ ටුවර් එක ගැන කියලා. ත්‍රෙඩ් එකේ වැඩියෙන්ම පෝස්ට් කර්න අයට ජෙට්ලයිනර් එකේ පාර්ටි එකට යන්න අවස්ථාව ලබා දෙනවා කියලා තමා ඒ ත්‍රෙඩ් එකේ තියෙන්නේ. ඔන්න ඉතින් හැමෝම පිස්සුවෙන් වගේ ජෙට්ලයිනර් එකේ යන්න ත්‍රෙඩ් එක බම්ප් එකේ තියාගන්න පෝස්ට් කරනවා.
කොහොම හරි ඔන්න තෝරගත්ත උං ප්‍රකාශ කරන දවසත් ආවා. එදා දවසේ උදේ පාන්දර ඉඳන් බලං ඉන්නවා ඉන්නවා PM එකක් එයි කියලා. ඒත් නෑ. දැං JK මගෙන් අහනවා මට PM එකක් අඅවාද කියලා. මම උගෙන් අහනවා PM එකක් ආවාද කියලා ඒත් නෑ. කොහොම හරි එදා රෑ 9.30ට විතර මම ලොග් වෙනකොට මට ඇඩ්මින් ගෙන් PM එකක් ඇවිල්ලා තියෙනවා නම ID No එක, පින්තූරයක් එක්ක Mobile no එක එවන්න කියලා. මාත් ඉතිං ඔය විස්ථර කියලා යවනවා. ඒත් මේ විස්ථර ඉල්ලුවට අපිව තවමත් තෝරගෙන නෑ කියලයි PM එකේ තියෙන්නේ. ඔන්න ඉතිං ආයේ බලං ඉන්නවා PM එකක් එනකං. JK ටත් මට වගේම ඔය විස්ථර ඉල්ලලා PM එකක් ඇවිත් තිබුනත් උත්තරයක් ඇවිත් නෑ. ඔහොම දවස් 02ක් විතර ගියාට පස්සේ මට ඇඩ්මින් ගෙන් PM එකක් එනවා මාව පාර්ටි එකට තෝරා ගත්තා මෙන්න මෙ දවසට මෙන්න මේ වෙලාවට මෙතනට වාර්ථා කරන්න කියලා. දැං ඉතිං පට්ට සන්තෝසයි. ඒත් JK ට PM එකක් ඇවිත් නෑ. මුගේ මූන දැං දෙක වෙලා.
කොහොම හරි මම ගියා Jet Liner ටුවර් එකට ලේක් හවුස් එක ඉස්සරහා Car Park එකට. ඔතනට තමා කට්ටිය ඔක්කොමලට එන්න කියලා කිවේ. මෙන්න බොලේ මම යනකොට මුත් එතන. බලනකොට JK ටත් අන්තිම මොහොතේ PM එකක් ඇවිල්ල. මම එන්නත් කලින් මූ එතන. ඔන්න ඔහොම තමා JK ව ඉස්සෙල්ලම මම ඇත්තට දැක්කේ. එදා මුව ඉස්සෙල්ලම සෙට් වෙනකොට නම් මම හිතුවේ නෑ පොඩ්ඩක් වත් මු මගේම සහෝදරයෙක් තරමට මාත් එක්ක ෆිට් වෙයි කියලා. ඒ තමා Team Traveler Founder ව මට ඉස්සෙල්ලම මුනගැහිච්ච විදිය. කොහොම හරි ජෙට් ලයිනර් ටුවර් එක ඉවර වෙලා අපි සමූහ ඡායාරූපයක් ගත්තා. එතනදි තමා මම ඉස්සෙල්ලම ලහිරුව හෙවත්  දැක්කේ. පටාගේ මුහුණුවර මට හොදට පුරුදුයි. කොහේදි හරි මූව කලින් දැකලා තියෙනවා කියලා මට හිතුනා. මම පටාගෙන් ඕක ඇහුවා එදා. ඒත් පටාට මතකයක් තිබුනේ නෑ, මම ඒ වෙලේ ඌට කිව්වා සුවර් එකට කොහේ හරි කනබොන තැනකදී වෙන්න ඇති උඹව දැකලා තියෙන්නේ කියලා.  ඒත් ඒක එහෙම නෙමෙයි කියලා මට දැන් නම් මට සුවර්  කොහොම හරි Traveler Team එකෙන් මම දෙවෙනියට දැක්කේ පටාව. කොහොම හරි ආයේ අපිව Navy එකේ බස් එකකින් ලේක් හවුස් එක ගාවට ගෙනත් දැම්මා. කොහොම හරි JK එක්ක මම බස් එකේ යන්න සෙට් උනා. ඒ වෙලේ තමා JK මට Nisal ව අඳුන්වලා දුන්නේ. නිසල්ගේ එලකිරි ID එක NIC. ඒ වෙලේ ඉඳන් ඌ නිකා උනා. අපේ Team එකෙන් මම ඊලඟට හම්බ උනේ නිකාව. JK යි නිකායි යන්නේ ජාඇලට. මට යන්න තියෙන්නේ තොටලඟට. අපි හැමෝම කට්ට කාලා 187ක් අල්ලගෙන ගෙවල් බලා විසිරුනා. මම තොටලඟ හන්දියෙන් අරුං ඔක්කොටම කියලා බැහැ ගත්තා. එදා අපේ සෙට් එකේ තුන් දෙනෙක් හම්බ උනත් මේ තරමට මුං ඔක්කොමලා මාත් එක්ක ෆිට් වෙයි කියල යාන්තම් වත් හිතුනේ නම් නෑ.

මේ සිද්ධිය කොලඹ සිද්ද වෙන අතර මැද.. තව සිදුවීමක් ගාල්ලේ සිද්ධ වෙනවා. බ්ලොග් කලාවට මම නම් අළුත්. ලියන්න අලුත් උනාට කියවන්න නම් මම අලුත් නෑ. කෙටියෙන් කීවොත් මම බ්ලොග් පිස්සෙක්. බ්ලොග් ලියන අය නම් දන්නවා ඇති චාමිකව. චාමිකගේ බ්ලොග් ඉසව්ව කරන චාමික තමා ඔය උඩ ඉන්නේ.  මේ ජෙට් ලයිනර් කතාව සිද්ධ වෙන අතර මැද කාලයේ චාමිකව හම්බ වෙන්න යාළුවෙක් කොළබ එනවා. ඒ තමා අජිත්. අපේ නමින් කීවොත් බෝල්ට්. මට නම් හරි නුපුරුයි හරි නමින් ආමන්ත්‍රනය කරන එක. ඒ නිසා මම සුපුරුදු නමින්ම කතා කරන්නම්. මූ ඉතිං මට නම් දන්න දවසේ ඉදන් එක්කෝ බෝල්ට් නැත්තම් බෝල්ටාම තමා.  ඔන්න ඉතිං බෝල්ට් අපේ චාමිකව හම්බ වෙන්න ගාල්ලේ යනවා. ඒ කතා විස්ථරය චාමිකගේ වචන වලින් කීවොත් මෙන්න මෙහෙමයි.....

මේ චාමිකගේ වචන වලින් කතාන්දරය.......

ගාල්ල‍ කොටුව ගැන ත්‍රෙඩි එකක් දැම්මාම කොල්ලෙක් අහනවා ඒක එච්චර ලොකුද මම එචිචර බැලුවේ නෑ දවසක එන්නද බලන්න කියලා..
මම දවසත් සෙට්කරගෙන මැක්සා ඇදුමක් දා ගෙන කොල්ලෙකුගේ සෙරේප්පු දෙකකුත් ඉල්ලං මිස් කෙනෙකුගෙන් 500 ක් ඉල්ල ගෙන සෙට් වෙලා ඉන්නවා.. 10 විතර වතුර බෝතලයයි දොඩමි වගයකුයි සංග්ලාස් දාපු ෂෝටක් අැදලා පොරක් මාව පහු කරන් ගියා.. ටිකකින් මෙන්න වු කෝල් කරනවා ... යකෝ ‍මට කෝල් එක ඌගේන්... ඌයි මායි මොකාද වගේ..!
මචං මම බෝල්ට් .. ඌ මාව ඇදලා අරං බදාගත්තා.. මම තාම කැරකෙනවා..ඔන්න මම ඌ එක්ක යනවා.. මෙන්න ඌ කඩ්‍ඩෙන් honey! this is the guy that i told u කිව්වා!! අම්මට හුඩු කෙල්ලෙක් ආවා ස්ටේෂන් එක ගාව ඉදලා මම කෙලින්ම නන්නාත්තාරයි!

දැන් ඌයි මායි අහසට පොලව වගේ... ගැනු ළමයා දැක්කාම මට මොකක්ද වගේ... පාර පෙන්නන්න ආපු මම දැන් උන්දෙන්නගෙ පස්සෙන් පාරේ යනවා.. දැම්මා හතර වටේටම කෝල් කොල්ලෙකුව හොයාගන්න .. ‍යාන්තන් කුසලයා සෙටාර් වුනා..අපි තේ බොන්න කියලා කඩේ ඇතලේ ඉන්නකොට මු කොම කෝම හරි කොල් කරන් ඇවිල්ලා කඩේ ඇතුලට එන්නෙම නෑ.. ඇඹරෙනවා මටත් වඩා..යාන්තන් මු ආවාම පිංකි අහනවා ආ..ඉස් දිස් චාමිකස් පෙරෙන්ඩ් කියාලා.. කුසලයා ඔලුවේ අතකුත් තියාගෙන ඇඹරෙනවා.. කැරකෙනවා.. ටික වෙලාවකින් මෙන්න මු එන්න බෑ කියලා යන්න ගියා... මම ඔන්න යනවා කොටුවේ බෝල්ටාට මම සිංහලෙන් කිව්වාම ඌ පිංකියාට ඉංග්‍රීසියෙන් විස්තර කරනවා.. මම ඇස් කන් ඇරගෙන බලන් ඉන්නවා.. පින්කියා හිනා වුනාම හිනා වෙනවා... ඔන්න සෙට් වුනා පල්ලිය.. මෙච්චර කාලෙකට පල්ලියට උඩින් පල්ලෙන් ගියාට මේකට බෝල්ටාව එක්ක ගිහිල්ලා බෝල්ටායි පිංකියි ඇවිදිනවා විකාරෙන්ම පල්ලිය ඇතුලේ.. මට ඒ ගැන කියන්න කරුණුත් නෑ! මම ඉන්නවා අයිනක් ගහලා.. ටිකකින් චමියා.. මෙන්න මේවා තමා වෙන්නේ මේක මේකයි කියාලා පාර පෙන්නනන ගිය එකාට බෝල්ටා කියනවා.. අම්මට හුඩු මම බලන් ඉන්නවා.. 
කෝම කෝම හරි ඔහෝම යද්දී හදිස්සියෙන්ම ගුවන් ප්‍රහාරයක්(kaputa 101fligt එකක්) නොසිතු මොහොතක බෝල්ටාගේ ජෙල් තවරපු හිසකේ මතට වැටුනා.. කුජීතයි.. බලා ඉන්දෙද්දිම හිස පතුලට යනවා.. මම පස් කනවා.. බෝල්ටාගේ පවුල යාන්තන් තිබුන වතු‍ර‍ බොතලයෙන් ඔලුව සේදුවා.


ඒකත් ඉවරයි. ඔන්න දැන් මුහුද... අම්මට හුඩු ඉන්නවා ඉන්නවා පිංකියා නම් ගොඩ එන පාටක් නෑ.. මම ඒ පාර කිව්වා ඔතන ඉකිරි ඉන්නවා පරිස්සෙමෙන් හරිය කියාලා.. එල වැඩේ ගොඩ දෙන්නම එක පාර ගොඩ.. (මා සතුව එකල තිබු කේ.750 සෝනි එරික්සන් වර්ගයේ ජංගම දුරකතනයෙන් මා ඔවුන් දෙපලගේ ජයාරෑප කිහිපයක්ද ගත් අතර පසුව ඒවා ඔහුට මේල් කරන ලදි)

ආවා කන්න කඩේට... කෂ්ටියම බත් කන්න බැරිය කියාලා ෂෝට් ඊටිස් ගත්තා.. යටිතල පහසුකම් වැඩෙත් කරගෙන ඇවිල්ලා කන්න කිව්වා‍ට බෝල්ටනම් කනවා හෝ ගාලා පිංකියා එක පැටිස් එකයි.. දැට්ස් ඕකේ.. දැටිස් ඉනෆ් තමා.. මමත් ටිකක් කාලා බලා ඉන්නවා.. පින්කියා ආපසු ගියා (යටිතල ප....) බෝල්ටා පින්කියාගේ බෑග් එකේ තිබුන ආම්පන්න ටික පෙන්නුවා.. අම්මපා එකේ තිබුන ඒවා යකෝ අදටවත් පවුඩර් ටිකක්වත් ගාන්නේ නෑ මම... විකාරයි ඒවායින් වෙනම බෑග් එකක් තියෙනවා මල්ල ඇතුලේ! අප්පට සිරි වෙනවා මේ වගේ එකක් මේන්ටේන් කොරන්න බෝල්‍ටා හොද ජොබක් කරනවා ඇති කියලම මම හිතා ගත්තා... තුනයි වේලාව ‍ඒසි බස් එකකට මේ ජෝඩුව දැම්මා ඕකේ.. සී යු කියලා මේ දෙපල ගියා.. ‍වැදගත්ම දේ කාපු බිලත් බෝල්ටම ගෙව්වා.. ඔන්න ඔහෝම තමා මට පලවෙනි එලකිරි යාලුවා සෙන්ටර් වුනේ.. ඇත්තට ආසයි..මම ගෙදර යන ගමන් පසන්(කිර්තිමාමාගේ පුතා) සෙරෙප්පු දෙකත් දීලා ගිහිල්ලා අම්මට කතාව කිව්වා.. බෝල්ටටත් වැඩේ ෆිට්..!

ඔන්න ඕක තමා ජෙට් ලයිනර් ටුවර් එක අතර මැද්දේ වෙච්ච සිදුවීම... අපි තුන්දෙනෙක් යාන්තම් දැන අඳුරගෙන කතා බහ කරලා ෆිට් වෙන අතර තුර ලංකාවේ තවත් තැනක අපේ ටීම් එකේ දෙන්නෙක් ෆිට් උනේ අන්න එහෙමයි.

To Be Cont.....