Friday, November 2, 2012

මන්නාරම (Tour to Dancing Islets)


අපි එකතු වෙච්ච කතව කියාගෙන යන අතරමඟ ටිකකට නවත්වලා  සංචාරයක විස්ථරයක් ඔයලා හමුවට අරගෙන එන්න හිතුනා. අපි එකතු වෙච්ච හැටි ටිකකට හිතේ කොනක තියාගෙන මම හාදයෝ ටික කරපු තවත් එක් අපූරු සංචාරයක විස්ථර ඉදිරිපත් කරන්නම්. අපේ කට්ටිය පසුගිය මාසේ මන්නාරමේ සංචාරය කලා. ඉතාමත් අලංකාර සොදූරු මතකසටහන් සමූහයක් ඉතුරුකරපු ඒ සංචාරය තමා මගේ බ්ලොග් එකේ පළවෙනි ට්‍රැවලින් පෝස්ට් එක විදියට අරගෙන එන්නේ. මේක සෑහෙන්න දිගයි. කොටස් 04කට කඩලා මම සම්පූර්ණ සංචාරය ඔයාලා හමුවට අරගෙන එන්නම්.





නදිය අපිව ඇහැරවන කොට පාන්දර 1.30 
ඔය වෙලාවට මොන ට්‍රිප් ද කියල අනිත් පැත්ත හැරිල නිදා ගන්න තමයි හිතෙන්නෙ
ඒත් අපි නම් නැගිට්ටා ‍සංචාරකයො වුනාම එහෙමයිලු
අපි කිව්වෙ මායි චාමිකයි.

මේ හරියටම අගෝස්තු 31.අපි තුන්දෙනා මුලින්ම ගියෙ පටාව ගන්න. එතනින් පෙරාලගෙ ගෙදර පෙරේරා යුවල චමිත් යුවල වගේම නදියගෙ ආදරවන්තියත් එතනින් ගමනට එකතු වුනා.
අපි කෝට්ටෙන් යද්දි හරියටම පාන්දර4යි.
ඊට පස්සෙ ජාඇලින් දිලුමයි බණ්ඩයි එකතු වුනා.කටුනායකින් කඩියව ගත්තා.
දැන් කට්ටියම හරි යන්නයි තියෙන්නෙ. 

අශ්වය කෝවිලට පඬුරකුත් දාල ඔන්න අපි ගමනේ.අපි මේ යන්නෙ පුත්තලම් පාරෙ 
කොළඹ ඉඳන් මන්නාරම යන කෙනෙකුට ලඟම පාර තමයි හලාවත පුත්තලම හරහා ගිහින් විල්පත්තු කැලේ මැදින් සිලාවතුර හරහා මන්නාරමට යන එක.ඒ මාර්ගය ලඟවුනාට දුෂ්කරයි.තාම පාර හරියටම හදල නෑ 
ඉතිං අපි මන්නාරම් යන්න තෝර ගත්තෙ පුත්තලමෙන් දකුණු පැත්තට අනුරාධපුර පාරෙන් යන්න.
පුත්තලම පහු වුනාම තනි කෙලින් පාර.ඒත් නදිය ගියෙ හරිම හෙමින් 

උදේට කන්න ඕනෙ හින්ද අපි තබ්බෝව වැව ගාව කෑමට නැවැත්තුවා 
එකෙකුට වත් කෑම ගැන වගක් නෑ 


වැව නම් හොඳටම හිඳිලා 
ඒත් අහස 

දේශීය විදේශීය රැප් හිපොප් හැමෙකක්ම.
බණ්ඩා කොළපරේෂන් චාමික ඩීජේ ප්‍රසන්ට් 



දැන් අපි යන්නෙ තන්තිරිමලය පුණ්‍ය භූමිය වෙත.පුත්තලම් අනුරාධපුර පාරෙ ගිහින් වම් පැත්තට හැරුනම තන්තිමලේ යන්න පුලුවන් 

බස් එකක් බස් එකක් ගහපං ගහපං 
එක බස් එකට කැමරා පහයි 

ඔන්න අපි තන්තිරිමලේට ආව 



තන්තිරිමලේ පුණ්‍ය භූමිය කියන්නෙ ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් වණ ස්ථානයක්.දේවානම්පියතිස්ස රජ සමයෙදි සංඝමිත්තා මෙහෙණින් වහන්සෙ විසින් ශීමහා බෝධිය ලංකාවට ගෙනාපු බව අපි හැමෝම දන්නවනෙ.එහෙම දඹකොළ පටුනෙන් ලංකාවට ගෙනාආපු ශ්‍රීමහා බෝධිය එතැන ඉඳන් අනුරාධපුරයට ගෙන එන අතරමග මේ තන්තිරිමලයෙදිත් දින ගණනක් පුද පූජා පැවැත්වු බවට ඉතිහාසයේ සඳහන් වෙනවා.
ඒ වගේම මෙතන තියෙන්න අෂ්ඨ ඵල රුක බෝධියක්. ඒ කියන්නෙ ශ්‍රීමහා බෝධියෙන් පැණ නැගුනු මුල්ම අංකුර අටෙන් එකක්. ඒ හින්ද බෞද්ධ සැදැහැවතුන් ඉතා භක්තියෙන් තන්තිරිමලේ වන්දනා කරනව. 



කොහොම වුනත් තන්තිරිමලේදී අපේ තුන් දෙනෙක් අතුරුදන් වුන 

ටික වෙලාවකින් අපේ කැමරාවලට උන්ව හසුවුනා 


අතුරුදන් වූ කැමරා දුටු ලස්සන 

සිත් පහන් කරන තන්තිරිමලෙන් අපි සමු ගත්තා 

තන්තිමලෙන් මන්නාරම් මැදවච්චි පාරට ලඟ පාරක් තියෙන බව දැනගෙන හිටියට ඒ පාර මොන තත්වයෙ තියෙනවද කියල අපේ හිතේ තිබ්බ සැකය දුරු කරමින් අපට යන්න තිබුනෙ ඉතාම හොඳ තත්වයේ මාර්ගයක 

ඔන්න අපි මැදවච්චි මන්නාරම් පාරෙ 


මැදවච්චි මන්මාරම් පාර 

එතන ඉඳන් කෝච්චි පාර යන්නෙත් අපිට සමාන්තරව
කෝච්චි පාර දැක්ක විතරයි මුං පැනල දිව්වෙ 

කෝච්චි පාර හදනව හෝ ගාල 


අපී හෙමීට ඉදිරයට 


මන්නාරම් පැත්තට යන කෙනෙකුට මෙන්න මේ දේවල් තමයි බලන්න තියෙන්නෙ 

අපි දැන් යන්නෙ කුන්චුකුලම් එල්ලෙන පාලම බලන්න.
මේකට යන්නෙ මන්නාරම් පාරෙන් වම් පැත්තට හැරෙන්න ඔනෙ 





ආයෙත් අපි මන්නාරම් පාරෙ.
රේල් පාරේ අතීත මතක 


මඩු හන්දිය

මඩු හන්දියෙන් දකුණට හැරුනම මඩු දේවස්ථානයට යන්න පුලුවන්




අපේ ඊළඟ නැවතුම මඩු දේවස්ථානය.




කිතුණු භක්තිකයින්ගේ හදවත් බඳු මඩු දේව ප්‍රතිමාව 

To Be Cont......
රැදී සිටින්න සංචාරකයින් සමඟ...




5 comments:

  1. මෙච්චර සෙට් එකක් ඉඳලත් මාසෙකට එක පෝස්ට් එකක් දාලා නම් බ්ලොග් කෙරුවාව කරන්න බෑ. අනික පෞද්ගලික දේවල් ලියන්න කරන්න ෂෙයා කරගන්න බුකිය, ගූගල් පස් එහෙම තියෙනවා. බ්ලොග් වලින් කරන්න ඕන නිර්මාණයක් කියන එකයි මගේ හැඟිම. තමන්ගේ පර්සනල් ඩයරියක් නම් සින්ඩි වලට දාලා ෂෙයා කරන එක හරි නෑනේ. ඒකෙන් අපිත් නරක් වෙනවා අනුන්ගේ ඩයරි බලලා. මේ මගේ අවංක අදහස්. නිර්මාණ හා රස කතා සමඟ පැමිනෙන්න. මම සිංඩියට දාන්නම්. ඒත් අප්ඩේට් වෙන්නෙ නැත්නම් සොරි ඩොට් කොම්.

    අනික මේක කිසිම හැඟිමක් නැතුව කරන්න ඕනවට කරන එකක් වගේ අවුට් ලුක් එකෙන් පෙනෙන්නේ අනික් බ්ලොග් වලින් බලලා ආදර්ෂයක් ගන්න, කොමෙන්ට් වල වර්ඩ් වෙරිෆිකේෂන් ඉවත් කරන්න.

    සුබ පැතුම්...!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පළවෙනි කමෙන්ට් එකට. පර්සනල් දේවල් කියන්න හිතුවේ නම් නෑ. බ්ලොග් කලාවට අලුත් උනාට එලකිරි.කොම් එකේ එලකිරි සංචාරකයා එක්ක එකතු වෙලා ඉන්න ලක්ෂ 4ක විතර ෆෑන් බේස් එකක් ඉන්නවා අපේ ටීම් එකට. බ්ලොග් ලියන්න නම් මම අවංකවම ඉගෙන ගන්නවා. අපි එකතු වෙච්ච හැටි රස කතාවක් නිසයි ඒක ලියන්න හිතුවේ. ඒ ඇරෙන්න මගේ පෝස්ට් වෙන්නේ ට්‍රැවලිං ගැන විතරමයි.

      අනිවාර්යෙන්ම අනෙක් බ්ලොග් වලින් බලලා ආදර්ශයක් ගන්නවා. හැගීමක් නැතුව නම් නෙමෙයි මේක කරන්නේ. ඒ කතාවට නම් මම විරුද්ධයි. මම තාම එක පෝස්ට් එකයි දැම්මේ. මට ඉඩකඩ තියෙන විදියට තමා ට්‍රැවලිං පෝස්ට් දාන්න වෙන්නේ.

      ඔබතුමා තමා මගේ පළවෙනි කොමෙන්ටුව ලබා දුන්නේ. ලොවෙත් තෑන්ක්යූ වේවා!

      Delete
  2. එල එල, කිරියෙ සමහර ත්‍රෙඩ් හොයන්න ගියාම පණ යනවා :(
    මේකෙන් සංචාරය කරන්න ආසාවෙන් ඉන්න් අයට ඒ ඒ තැන් ගැන් අවබෝදයක් ඇතුව යන්න ගොඩක් උපකාර වෙයි.
    ගුඩ් ලක් පෙරා

    ReplyDelete
  3. ජීවිතේදි ගිය පට්ටම ට්‍රිප් වලින් එකක් :D

    ReplyDelete
  4. ස්තූතියි දැණුවත් කිරීම ගැන .👌🎶🙏😍

    ReplyDelete