Thursday, April 18, 2013

බිත්තර දොඩම් ගෙනාවා....




"බිත්තර දොඩම් ගෙනවා" 

"බිත්තර දොඩම් ගෙනවා" 

" නිදියන් ඉන්න කට්ටිය නැගිටින්න"

"බිත්තර දොඩම් ගන්න කට්ටිය නැගිටින්න"

"සුමනදාස... සුමනදාස... කෝ මේ සුමනදාස.."

"ඉන්නවා මිස්.."

"සුමනදාසට බිත්තර දොඩම් දෙන්න"

"රත්නායක ඉන්නවාද?"

"ඉන්නවා මිසී"

"රත්නායකට බිත්තර දොඩම් දෙන්න"

"ගුණරත්න.."

"මම මිසී මම.."

"ගුණරත්නටත් දෙන්න"

"වීරකෝන්..."
"වීරකෝන්..."
"වීරකෝන්..."
"කෝ මේ වීරකෝන්..."
"මේ මිනිස්සුන්ට එක තැනකට වෙලා ඉන්න බැරි හැටි.  බෙහෙත්ටික ගන්න පහලට එන්න පණ නෑ. රට සේරගෙම ඇවිදින්න නම් පුළුවන්.... ඔය වීරකෝන්ගේ ඇඳ මොකද්ද? ඇඳ උඩින් දොඩම් ගෙඩියයි බිත්තර දෙකයි තියන්න."

"තව කාටද වෙනදා බිත්තර දොඩම් හම්බවෙන අයගෙන් හමබ් නොවුනේ?" ආයේ පස්සේ හම්බ උනේ නෑ. මට දුන්නේ නෑ. ගාගෙන නහයෙන් අඬාගෙන එන්න එපා" වෙනදා හම්බ වෙන අය ඉන්නවා නම් ඇවිත් ඉල්ල ගන්න. නොකිව්වයි කියන්න එපා."


"විජිතසිරි කවුද?... විජිතසිරි..."

"මිස්.. මගේ..."

"ඔයාද විජිතසිරි..?"

"මිස් මගේ තාත්තා විජිතසිරි..මම සාත්තුවට ලඟ ඉන්නේ"

"කෝ ලෙඩා?"

"අර ඉන්නේ මිස් ඇඳේ.." 

"නැගිටින්න බැරිද ලෙඩාට?

"නැගිටින්න තියා මිස් දවස් තුනක ඉඳං වතුරවත් හරියට බොන්නේ නෑ. හැන්දෙන් තොලකට තෙමනවා විතරයි."

"දොඩම් ගෙඩියක් දෙන්න බිත්තරේකුත් එක්ක පොවන්න පුලුවන්ද මෙයාට?"

"වැඩක් නෑ මිස්. බොන්නේ නෑ. කෙලින් කරගන්නවත් බෑ පොවන්න. තාත්තට කල්පනාවත් අඩුයි මිස් දැං. මතකෙත් නෑ එයාගේ පොඩ්ඩක්වත්. මිස් සේලයින් එක ඉවරයි. මේ ඇඳගාව තියලා තියෙන සේලයින් තව බොතල් 08ක් විතර තියෙනවා. සේලයින් එක ගහලා යන්න ආවේ නෑ කවුරුවත්. මිස් පුළුවන් නම් සේලයින් එක..."

"හරි හරි.. ඔක්කොමලගේ සේලයින් ටික ගහන්න මම එන්නම්. ආයේ තව එක්කෙනෙකුගේ ඉවර උනොත් ආයේ එන්න ඕන මම. "

"මිස් දැං මෙතනනේ ඉන්නේ මිස්.. කන්නෙවත් බොන්නෙ වත් නෑ තාත්තා.. සේලයින් විතරයි මිස්.. මේක දීලා යන්න පුළුවන් නම්..."

"මම දැං එක පාරක් කීවා නේද? එක එක ලෙඩා ගාවට එක එක වෙලාවට එන්න බෑ අපිට. කට්ටියකගේ ඉවර උනාම ඇවිත් දෙන්නම්. අපේ රාජකාරිය අපිට උගන්නන්න එපා. ඔයා ඔයාගේ වැඩේ හරියට කරන්න. අපි අපේ වැඩේ කරන්නම්. අපිට උගන්නන්න එන්න එපා"


To Be Cont..

Wednesday, April 17, 2013

ජීවිතයයි..බිත්තරයයි..දොඩමයි..





දුප්පත් කඩවල ගත්තොත් බිත්තර රොටි, බිත්තර ආප්ප, බිත්තර රෝල්ස්, බිත්තර පාං, බිත්තර කරි, බිත්තර රයිස්, බිත්තර කොත්තු. ටිකක් පොශ් වෙනකොට, එග් සැන්ඩ්විච්, බේකන් ඇන්ඩ් එග් රෝල්ස්, ස්ක්‍රැම්බල් එග්, හාල්ෆ් බොයිල්ඩ් එග්, එග් ඉන් ටෝස්ට් බ්‍රෙඩ්, එග් බර්ගර් ඔය වගේ විවිධාකාරයේ දේවල්. විවිධාකාරයේ රසවල්, විවිධාකාරයේ හැඩවල්, විවිධාකාරයේ ඉදිරිපත් කිරිම්. හැම දේටම මුල් වෙන්නේ බිත්තරය..


ලංකාවේ ගහේ හැදෙන දොඩමක් ගමු... පිටකොටුවේ ඉස්ටේසම ඉස්සරහා පෙට්ටි කඩේ විකුණන රුපියල් හතලිහේ පැණි දොඩම් වීදුරුව ලංකාවේ තරු පහේ හෝටල් වල දාහා දෙදාහා වෙනකන් මිල ගනන් අයකෙරෙමින් විකිනෙනවා. මධුවිත පානයට සැන්ඩි විදියට, විවිධාකාරයේ කොක්ටේල් සාදාගන්න.. එක එක දේවල්...


ඒත් පෙරා මේ කියන්න යන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්. ඔය මම කීව දොඩම් ගෙඩියෙනුයි, බිත්තරයෙනුයි ජීවිතය ආරක්ෂාකරගන්නා අහිංසකයින් පිරිසක් ගැන කතාවක්.. ජීවතය ආරක්ෂා කරගන්නට  දොඩම් ගෙඩියකුත් බිත්තර දෙකකුත් දවස ගානේ බොන අපේ සමාජයේ අහිංසක මනුෂ්‍ය පිරිසක් ගැන කතාවක්.  ලියන්න දේවල් නම් එමටයි. සියල්ලක්ම සත්‍ය විස්ථර. හෙට ඉඳං එකින් එක සිදුවීම් බ්ලොග් අවකාශය වෙත අරගෙන එන්න පෙරා කල්පනා කරා..

To Be Continued...