Friday, November 9, 2012

බේබදුකමක මහත....



ට්‍රිප් එකක් යනවා කියන්නේ තනිකරම පිස්සු ආතල් ලෝකයකට යනවා වගේ වැඩක්. විශේෂයෙන් අපේ සැට් එකත් එක්ක ට්‍රිප් එකක් යනවා කියන්නේ ඉතිං ලොවෙත් සැප කනේ. මැරෙනකං හිනා වෙන්න පුළුවන්. ට්‍රිප් අතර සිද්දවෙච්ච රසබර කතාන්දර නම් එමටයි. එයින් එක කතාවක් මට මතක් උනා. මේක උනේ අපේ කට්ටියත් එක්ක ට්‍රිප් එකක් ගිය වෙලාවක නම් නෙමෙයි. මේ මගේ ඔෆිස් එකේ යාළුවෝ පිරිසක් එක්ක ට්‍රිප් එකක් ගිය වෙලාවක සිද්ධ වෙච්චර් රසබර සිද්ධියක්. මම අම්බානක බයිට් වෙච්ච සීන් එකක්. මේ සිද්ධිය උනේ 2010 අවුරුද්දේ.



මේ සිද්ධිය උනේ යාපනේ සංචාරය කල වෙලාවක. දින හතරක සංචාරයක්. තුන්වෙනි දිනේ හරියටම පෝය දවසක්. කොළඹින් අරගෙන ගිය දියරමය දෑ ඒ වෙනකොට ඉවරවෙලයි තිබුනේ. දේශීය නිශ්පාදකයා දිරිගැන්වීමේ උතුම් සිතුවිල්ල  පෙරදැරි කරගෙන,ඊටත් වඩා පෝය දවසේ මර්මස්ථාන සියල්ලක්ම වසා තිබීමත් හේතුකරගෙන වෙනසකටත් එක්ක හිතුවා රා ටිකක් බිව්වා නම් හොඳයි කියලා. අපි ඒ වෙනකොට හිටියේ කරෙයිනගර් වල. අපි යමින් හිටියේ සුන්දර කැසිනේ වෙලරතීරයට. යන අතරමග මුහුද අයිනේ මාලු වාඩි කීපයක් පේන්නට තිබුනා. ඒ හරිය ගම්මානයක් වගේ. කොහොම හරි බලෙන්ම වගේ වෑන් එක නවත්වගෙන ගියා මාත් එක්ක තව තුන් හතර දෙනෙක් රා හොයන්න. මාලුවාඩි වල මාලු තෝරමින් හිටිය මිනිස්සු එයාලාගේ පාඩුවේ වැඩ. මේ ඔක්කොමලා දෙමළ කට්ටිය. බැලූ බැල්මට සිංහල කතා කරගන්න පුළුවන් කෙනෙක් ඉදීද කියලා මම වටපිට බැලුවා. එහෙම කෙනෙක් මට නිච්චියට ආවේ නෑ. 

ලඟ හිටිය මනුස්සයෙකුගෙන් මම

 " අයියා මේ හරියේ රා විකුණන්න තියෙනවද?" 

කියලා ඇහුවා. මගේ මූන බලපු මනුස්සයා හිනා උනා විතරයි. මොකවත් කීවේ නෑ. ඒ ඩයල් එකට සිංහල තේරෙන්නේ නෑ කියලා මට ක්ලික් උනා. එතනින් එහා පැත්තේ වාඩියට ගිය මම එතන හිටිය තව එකෙකුගෙන් ඒ ප්‍රශ්නෙම ඇහුවා. 

"අයියේ රා තියෙනවද මේ හරියේ?"

 ටික වෙලවක් මගේ මූන බලං හිටිය ඒ ඩයල් එක මීටර 300ක් විතර ඈතිං තිබ්බ පොල් අතු වාඩියක් පෙන්නලා දෙමළෙන් මොනාදෝ කීවා. මට තේරුනා ඒ කිව්වේ ඒ වාඩියේ තියෙනවා කියන එක කියලා. දැං ඉතිං ඉහේ මලක් පිපුනා වගේ. එදා දවසේ වෙරි වෙන්නේ කොහොමද කියලා හිත හිත හිටිය අපි රටක් රාජ්‍යයක් දින්නා වගේ. දෙමළත් නොදැන රා හොයා ගත්තා කියන්නේ ආයේ ලොවෙත් මම වැඩර්... දැං ඉතිං මමත් ලොක්කා වගේ ඉස්සර උනා අරූ පෙන්නපු වාඩියට යන්න. 

අපි අතරේ හිටියා තරමක් දෙමළ තේරෙන එකෙක්. මට්ටක්කුලියේ ඉන්න ඌගේ නම සාන්ත. ඌට කීවේ බොරයා කියලා. වෑන් එකට ගිය මම බොරේට කතා කලේ දෙමළෙන් ගනං මිනුම් කියන්න මම දන්නේ නැති නිසා. 

 "අඩෝ බොරේ. බඩු හෑව් වරෙං යන්න. ගනං කතා කරන්න දෙමලෙං මම අංක දන්න එකක් යෑ. වරෙං යන්න අර වාඩියට"   

බොරෙත් මම පස්සෙන් වැටුනා. දැං ම්ම යනවා ඉස්සරහින් වැඩර් වගේ. වාඩියට කිට්ටු වෙනකොට එලියේ හිටගෙන හිටියා ඩයල් දෙකක්. පෙනුමෙන් නම් මුහුදු යන ඈයෝ වගේ. උං දෙන්නම අපිත් එක්ක සෑහෙන කාලයක් අඳුරගෙන හිටියා වගේ හිනා උනා. මමත් ඉතිං තිස් දෙකම පෙන්නලා හිනා වෙලා 

"අයියා රා තියෙනවාද?" 

කියලා ඇහුවා. 

" ඉරුක්කු ඉරුක්කු වාංග තම්බි වාංග.." (සිංහල  තේරුම : තියෙනවා තියෙනවා.. එන්න මල්ලි එන්න) 

කියපු මුං දෙන්නා අපිව වාඩිය ඇතුලට එක්කගෙන ගියා. වාඩිය පුරවටම තිබුනේ පොඩි පොඩි ඉස්සෝ. ඒ වෙලේ ගෙනත් ගොඩ ගහපු ඉස්සෝ. 

"තම්බී..පෙරිය රාල් ඉල්ලේ..සින්න රාල් තා  ඉරුක්කු" 

අර ඩයල් එක දෙමළෙන් මට කීවා. ඒක කීවා විතරයි බොරයා බඩ අල්ලගෙන මට හිනා වෙන්න ගත්තා. මට තේරුනේ නෑ ඌ මට දෙමළෙන් කිව්වේ මොකද්ද කියලා.

 "අයියේ මට ඕනේ රා" 

මම ආයේ අරුට කීවා.

 "ආමා අමා. පෙරිය රාල් ඉල්ලේ තම්බී" 

ආයේ මට අරූ දෙමළෙන් මොනාදෝ කියනවා. බොරයා ඇරෙන්න අනිත් උං ඔක්කොම තක්කු මුක්කු වෙලා. බොරයා හිනා වෙනවා. 

"මේ වරෙල්ලා බං යන්න. මූට මෝල්ද කොහෙද" 

කියපු මම අනිත් උං අරගෙන වෑන් එකට ගියා. බොරයා මට තවම හිනා වෙනවා. මොකක් හරි අවුලක් වෙලා කියලා මට තේරුනා. 

"මොකද්ද බං අරූ දෙමළෙන් කීවේ" 

බැරිම තැන මම බොරයගෙන් ඇහුවා. 

"යකෝ.. දෙමළෙන් රාල් කියන්නේ ඉස්සට. උඹ රා කියලා කියනකොට උං හිතලා තියෙන්නේ උඹ ඉස්සෝ හොයනවා කියලා. ඌ උඹට දෙමළෙන් කීවේ පොඩි ඉස්සෝ තමා අද තියෙන්නේ ලොකු ඉස්සෝ නෑ කියන එක. තෝත් ඉතිං ලෝඩ් පකීර් වගේ ගියානේ රා හොයන්න. ඇද්ද උඹට? "

බොරයා ඒක කීවා විතරයි වෑන් එකේ ඔක්කොම උං පොල් පොදියට හිනා වෙන්න ගත්තා..

මගේ රා බීමේ ආසාව එතනින්ම අහවර උනා...

කිලිනොච්චියට පායන හිරු. මේ වෙලේ නුවරඑළියේ වගේ සීතලයි කීවොත් විස්වාස කරනවාද? ගැහෙනවා..



සුන්දර කැසිනේ වෙරල තීරය.




මගේ ජීවිතේ කාපු රහම බත් වේලක්. නාගදීපේ අම්මාන් කෝවිල. හවස තුනට කලින් යන්න.



මේක ගැන ඉතිං අටුවා ටිකා ටිප්පනි ඕන නෑ නේ. 



මම සෑහෙන්න ගරුකරන ස්ථානයක්.


මේකේ සුපිරි රවුමක් ගියා


කවද හරි මෙතන දවසක් ගෙවනවාමයි



ප.ලි.      දැන් නම් ඕන දිල්ලියක යන්නම්. දෙමළ නම් ගේමක්ම නෑ ඉතිං (මට නම් තාම දෙමළ බෑ. ඒත් වයිෆ්ට හොඳට කතා කරන්න පුළුවන් භාශා තුනම. ඒ නිසා මේ ලංකාවේ ඕන අහක යන්න මම බය නෑ.)

12 comments:

  1. ඔය බීච් එකේ නම කැසිනේ කියලා ලියලා තිබ්බට හරි නම කැසුරිනා බීච් කියලයි කියන්නේ,,, යාපනේ යන ගොඩාක් දෙනෙක් නොයන හරිම සුන්දර තැනක් තමයි මේ මුහුදු වෙරල තීරය.. යාපනේ නගරයේ ඉදන් කිලෝමීටර් 26ක් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. සුපිරිම බීච් එකක්. අපේ කස්ටිය නම් නොයන තරමට තමා හොඳ....පට්ට ලිඳක් තියෙනවා ඔතන..

      උඹ ඒ ලිඳෙන් නෑවද අභියෝ?

      Delete
    2. ඔව්.. බාල්දියෙන් ඇදලම නෑවා...

      Delete
  2. එළ

    ඉස්සෝ ටිකක් බයිට් එකට අරන් එන්න තිබ්බේ

    ReplyDelete
  3. සුපිරි ලිපියක් බොහොම ලස්සනයි. අකුරු ටිකක් තව ලොකු කලොත් නරකද අපි වගේ නාකි ගොයියන්ට ටිකක් කියවන්න අමාරුයි.
    මම සමකය වටේ (samakaya wate)දුවන එකා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝදරයා. ඊගාව පාර එහෙම කරන්නම්කෝ..

      Delete
  4. නියම ලිපිය සහෝ මේ වගේ ෆොටෝ දැක්කම යන්න ආස හිතෙනවා.

    ReplyDelete
  5. යකෝ මායි චාමියයි මන්නාරමෙ රා හෙව්ව හැටි මතක් වුණා.අන්තිමට ගස් පෙන්නලා ඇහුවේ...
    පට්ට පෝස්ට් එක පෙරා :D

    ReplyDelete
  6. ඇඬෙනවා අප්පා ඇස් දෙකටම

    ReplyDelete