Thursday, November 8, 2012

වැව්බැඳි රාජ්‍යයට කැමරාවක්...



වැව් බැඳි රාජ්‍යය කියන්න අනුරාධපුරයට. තවත් නමකින් කියනවා නම් රජරට. ඒ කියන්නේ රජවරුන් රජකළ රට. පසුගිය නිවාඩු දවසක මම රජරට සංචාරය කලා. ඡායාරූපකරණයට කැමැත්තක් දක්වන බ්ලොග් අවකාශයේ හාදයන් වෙනුවෙන් පින්තූර කීපයක් ඉදිරිපත් කරන්න හිතුවා.



මම නැවතිලා හිටියේ තඹුත්තේගම. තඹුත්තේගම තියෙනවා දුටුගැමුණු රජතුමා විසින් කරවපු පැරණි පන්සලක්.



පන්සලේ නම නල්ලඋලච්චිය රාජ මහා විහාරය. නල්ලඋලච්චිය ගලේ පන්සල කියලා තමා ගැමියෝ කියන්නේ. පන්සලේ තියෙන විශාල ගල් පර්වතයක් නිසා තමා ඒ නම ඇවිදින් තියෙන්නේ. 
මේ පන්සල සම්බන්ධ පුරාවෘත්තයක් තියෙනවා. දුටුගැමුණු රජතුමා එක්තරා අවස්ථාවක අනුරාධපුර සටනේදී පසු බසින අවස්ථාවකදී මේ ගල්තලාව අසල සිටිය "නල්ල" කියන දෙමළ මනුස්සයෙක්, පලා යන රජතුමාට උසුළු විසුළු කරලා තියෙනවා. මේ බව මතකයේ තබාගත් දුටුගැමුණු රජතුමා යුද්ධයෙන් දිනලා ඇවිදින් මේ නල්ල කියන පුද්ගලයා මේ ගල්තලාවේ උල තියලා තියෙනවා. ඉන් පසුව දුටුගැමුණු රජතුමා විසින්ම මේ ස්ථානයේ පන්සලක් කරවලා තියෙනවා. නල්ල උල තියපු පන්සල නල්ලඋලච්චිය පන්සල විදියට නම් කරලා තියෙනවා. ඉතා පැරණි බුදු මැදුරක් පන්සලේ පිහිටලා තියෙනවා. ඒ බුදුමැදුර ඉතා හාස්කම් සහිත එකක් බව මට දැන ගන්නට ලැබුනා. 



මේ තියෙන්නේ පර්වතය උඩට පන්සල පේන විදියයි.


ඔය පින්තූරය මැද තියෙන්නේ පැරණි බුදු මැදුර. ඒ ඉපැරණු බුදු මැදුර තුල ඡායාරූප ගැනීමට මට හැකියාවක් ලැබුනේ නෑ.
නල්ලඋලච්චිය පන්සලේ පැරණි වෙහෙර වහන්සේ පර්වතය උඩට පේන්නේ මෙහෙමයි.




රජරට සාරවත් කෙත්වතු. දකිනකොට මතක් වෙන්නේ බාර්න් බඩී...


තුරුකලා


ඔයාලා කාටහරි මේ ඉපැරණි හාස්කම් සහිත සිද්ධස්ථානය වැඳපුදා ගන්නට යන්න අවශ්‍ය නම්, බස් රියේ හෝ දුම්රියේ තඹුත්තේගමට යන්න. බස් එකේ යනවා නම් තඹුත්තේගම ඔරලෝසු කණුව ගාවින් තියෙන රැජින මාවතේ කිලෝ මීටර කීපයක් ගිය තැන කොත්මල්පුර හන්දිය හම්බවෙනවා. කොත්මල්පුර හන්දියෙන් එප්පාවල පැත්තට, ඒ කියන්නේ වම් පැත්තට හැරිලා යන්න ඕන. කිලෝමීටරයක් විතර ගියාම නල්ලච්චිය වැව හම්බ වෙනවා. වැව කෙරවලවෙන තැන තමා නල්ලඋලච්චිය පන්සල පිහිටලා තියෙන්නේ.

නල්ලඋලච්චිය පන්සල වැඳපුදාගෙන තව ටිකක් ගම්මානෙ අසිරිය කැමරාවට අසුකරගන්න හිතුවා.








මේ සලකුණ මොකද්ද කියලා අපි හැමෝම දන්නවා.





ඔය පිටිපස්සෙන් තියෙන්නේ මහවැලියෙන් පෝශනය වෙන තඹුත්තේගම සුවිසල් වෙල් යායක්.





ගාමිනි දිසානායක කියන්නේ මම ගොඩාක් ගරුකරන පුද්ගලයෙක්. ඒ වගේම තවමත් කොත්මලේ වගේම මහවැලියෙන් ගොවිතැන් කරලා ජීවත් වෙන හැම කෙනෙක්ම ඉතාමත් ගරුකරන පුද්ගලයෙක්.

එතුමාට වගේම මේ මහවැලි ලාංඡනයටත් මම ගොඩාක් ගරු කරනවා.






මහවැලියෙන් පෝශනය වෙන සුවිසල් වෙල් යාය පැනොරාම ඇසින්.





කොහොම හරි මගේ සංචාරයේ ඊලඟ දවස ගෙවුනේ අනුරාධපුර පූජානගරයේ සංචාරය කරන්නටයි.

හැමෝම වගේ අපිත් මුලින්ම ජය සිරිමහා බෝ සමිඳු වැඳපුදා ගන්නයි ගියේ.






පහන්වැට


මෙයා මෙතන ඕප දූප හොයනවා.


ධම්ම සාකච්ඡා



ලෝවාමහාපාය



කවුරු හැදුවත් මේක දැන් අපේ.



ඉස්සරහට ඇවිදගෙන යනකොට රුවන්වැලිසෑය පේන්න ගත්තා.



රුවන්වැලි මහා සෑය.

රුවන්වැලි මහා සෑ රජුන්ගේ කොත් කැරැල්ල




සෑයේ වාහල්කඩ






අපේ ඊලඟ නැවතුම උනේ ලංකාරාමය





ඊට පස්සේ මිරිසවැටියට



මෙයාගේ වැඩේ නෙලුම් මල් කන එක.


මිරිසවැටියේ පැරණි ගඩොල් බිත්ති.


To Be Cont....

3 comments:

  1. සුපිරිම පිංතුර ටිකක් එක්ක අමුතුම පෝස්ටුවක්. අර උඩ සේයාරුවේ ඉන්න දැරිවි කව්ද කොල්ලෝ.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. :P
      ඒ මගේ ආදරනීය බිරින්දෑ...
      ඉස්තූතියි කිව්වා!

      Delete
  2. එල එල, ලස්සන පින්තූර ටික....

    ReplyDelete