Thursday, April 18, 2013

බිත්තර දොඩම් ගෙනාවා....




"බිත්තර දොඩම් ගෙනවා" 

"බිත්තර දොඩම් ගෙනවා" 

" නිදියන් ඉන්න කට්ටිය නැගිටින්න"

"බිත්තර දොඩම් ගන්න කට්ටිය නැගිටින්න"

"සුමනදාස... සුමනදාස... කෝ මේ සුමනදාස.."

"ඉන්නවා මිස්.."

"සුමනදාසට බිත්තර දොඩම් දෙන්න"

"රත්නායක ඉන්නවාද?"

"ඉන්නවා මිසී"

"රත්නායකට බිත්තර දොඩම් දෙන්න"

"ගුණරත්න.."

"මම මිසී මම.."

"ගුණරත්නටත් දෙන්න"

"වීරකෝන්..."
"වීරකෝන්..."
"වීරකෝන්..."
"කෝ මේ වීරකෝන්..."
"මේ මිනිස්සුන්ට එක තැනකට වෙලා ඉන්න බැරි හැටි.  බෙහෙත්ටික ගන්න පහලට එන්න පණ නෑ. රට සේරගෙම ඇවිදින්න නම් පුළුවන්.... ඔය වීරකෝන්ගේ ඇඳ මොකද්ද? ඇඳ උඩින් දොඩම් ගෙඩියයි බිත්තර දෙකයි තියන්න."

"තව කාටද වෙනදා බිත්තර දොඩම් හම්බවෙන අයගෙන් හමබ් නොවුනේ?" ආයේ පස්සේ හම්බ උනේ නෑ. මට දුන්නේ නෑ. ගාගෙන නහයෙන් අඬාගෙන එන්න එපා" වෙනදා හම්බ වෙන අය ඉන්නවා නම් ඇවිත් ඉල්ල ගන්න. නොකිව්වයි කියන්න එපා."


"විජිතසිරි කවුද?... විජිතසිරි..."

"මිස්.. මගේ..."

"ඔයාද විජිතසිරි..?"

"මිස් මගේ තාත්තා විජිතසිරි..මම සාත්තුවට ලඟ ඉන්නේ"

"කෝ ලෙඩා?"

"අර ඉන්නේ මිස් ඇඳේ.." 

"නැගිටින්න බැරිද ලෙඩාට?

"නැගිටින්න තියා මිස් දවස් තුනක ඉඳං වතුරවත් හරියට බොන්නේ නෑ. හැන්දෙන් තොලකට තෙමනවා විතරයි."

"දොඩම් ගෙඩියක් දෙන්න බිත්තරේකුත් එක්ක පොවන්න පුලුවන්ද මෙයාට?"

"වැඩක් නෑ මිස්. බොන්නේ නෑ. කෙලින් කරගන්නවත් බෑ පොවන්න. තාත්තට කල්පනාවත් අඩුයි මිස් දැං. මතකෙත් නෑ එයාගේ පොඩ්ඩක්වත්. මිස් සේලයින් එක ඉවරයි. මේ ඇඳගාව තියලා තියෙන සේලයින් තව බොතල් 08ක් විතර තියෙනවා. සේලයින් එක ගහලා යන්න ආවේ නෑ කවුරුවත්. මිස් පුළුවන් නම් සේලයින් එක..."

"හරි හරි.. ඔක්කොමලගේ සේලයින් ටික ගහන්න මම එන්නම්. ආයේ තව එක්කෙනෙකුගේ ඉවර උනොත් ආයේ එන්න ඕන මම. "

"මිස් දැං මෙතනනේ ඉන්නේ මිස්.. කන්නෙවත් බොන්නෙ වත් නෑ තාත්තා.. සේලයින් විතරයි මිස්.. මේක දීලා යන්න පුළුවන් නම්..."

"මම දැං එක පාරක් කීවා නේද? එක එක ලෙඩා ගාවට එක එක වෙලාවට එන්න බෑ අපිට. කට්ටියකගේ ඉවර උනාම ඇවිත් දෙන්නම්. අපේ රාජකාරිය අපිට උගන්නන්න එපා. ඔයා ඔයාගේ වැඩේ හරියට කරන්න. අපි අපේ වැඩේ කරන්නම්. අපිට උගන්නන්න එන්න එපා"


To Be Cont..

4 comments:

  1. රජයේ ඉස්පිරිතාල වල නර්ස්ලා නම් ඔහොමම තමා මේත් රජයේ ඉස්පිරිතාලේකද? මට නම් හොඳට අත්දැකීම් තියෙනවා ඕකුන් ගැන.අතරින් පතර හොඳ අයත් ඉන්නවා!

    ReplyDelete
    Replies
    1. ඔව් යාළුවා.. මේක රජයේ ඉස්පිරිතාලයක්. මේ ජාතියේ ඉස්පිරිතාල කොළඹට තියෙන්නේ එකයි.

      Delete
  2. මම නම් ඔහොම සැර පාට් දාන අයටත් මනුස්සකම උගන්නලා තියෙනවා ! ඇත්තටම මේ නිතර ඇහෙන දෙයක් සමහර රෝහල් වල වාට්ටු වලින්... මට හිතෙන්නේ අපේ අය බොහෝමයක් තමන්ගේ රැකියාව ගැන තෘප්තියකින් වැඩ කරන්නේ නෑ කියලා ඉතින් ඒයාලගේ මානසික ආතතිය යවාගන්නේ රෝගීන්ට කඩන් පැනලා. පහත් තැනින් ලු වතුර ගලන්නේ...දැනට මට හදන්න පුළුවන් මම වැඩ කරන වාට්ටුවේ හිත් විතරයි.. ලියනවානම් කොයි තරම් නම් දේවල් තියේද. මේ දොඩම් බිත්තර උනත් රෝගීන් ට දෙන එකම ලොකු දෙයක්. සමහර තැන් වල මේවාත් නොලැබෙන බවක් අසන්නට ලැබී තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. දොඩම් බිත්තර රෝගීන්ට දෙන්න එකම හේතුව රෝගීන් ජීවිතය ගැටගහ ගන්නේ දොඩමෙනුත් බිත්තරයෙනුත් නිසයි. :( :( :(

      Delete