Thursday, December 13, 2012

ලෝසක හාමුදුරුවෝ





අපි හැම කෙනෙකුගෙම ගෙදර සීවලී පින්තූරයක් එල්ලලා තියනවා. ඒ බුද්ධ සාසනයේ ලාභින් අත්තරින් අග්‍ර වන්නේ අපේ සීවලී මහා හාමුදුරුවෝ නිසයි. සීවලී හාමුදුරුවන්ගේ ලාභී ගුණයට සම්පූර්යනයෙන්ම වෙනස් තවත් මහ රහත් හිමි කෙනෙක් හිටියා කියලා ඔයාලා දන්නවාද? මම කියන්න යන්නේ ඒ කතාව.

ලෝසක හාමුදුරුවෝ.

බුද්ධ කාලයේ කොසොල් නුවර එක්තරා විදියක දුප්පත් දරුවෙක් වාසය කරලා තියෙනවා. මේ දරුවාට කිසිම කෙනෙක් සිගමනක් දෙන්නේ නැහැ. කිසිම කෑමක් ලැබෙන්නේ නැහැ. මේ දරුවා ජීවත් වෙලා තියෙන්නේ කුනුගොඩවල් හාරා අවුස්සා කෑමෙනුයි. ඒ ලැබෙන කෑමත් සරිලන්නේ යැපීමට පමනයි.බඩ පිරෙන්නට මුලු ජීවිත කාලේම කිසිම කෑමක් කාලා නැහැ. ටික කලක් යනකොට කාත් කවුරුත් නැති මේ දරුවාගේ සිරුර නහර වැල් ඉලිප්පිලා පඬූ පාටට හැරිලා තියෙනවා.



දවසක් අපේ සැරියුත් මහා හාමුදුරුවෝ සැවැත් නුවර මහා විදියේ පින්ඩපාතයේ වඩිනකොට මේ අසරන දරුවා දැක්කා. දැකලා ඒ දරුවා ගැන අනුකම්පා කරලා පැවදි කර ගත්තා. ලෝසක හාමුදුරුවෝ නමින්. පැවදි උනා කියලා උන් වහන්සේට වෙනසක් උනේ නැහැ. දානය ගිලන් පස ලැබීම අතින් බොහෝම අන්ත තත්වයක තමයි උන් වහන්සේ හිටියේ.කොසොල් රජුගේ අසදෘෂ මහා දානයේදීවත් හරි හැටි ආහාරයක් ලැබුනේ නැති බව තමයි කියවෙන්නේ. සිව්පසය ලැබීම අතින් ලෝසක හාමුදුරුවෝ වගේ දුර්වල හිමි නමක් මුලු බුද්ධ ශාසන්යේම නැති තරම්.



උන්වහන්සේට දානය පිලිගන්වනකොට පාත්‍රයේ කට දක්වා පිරීගියා මෙන් මිනිසුන්ට පෙනිලා තියෙනවා. ඒ උන්වහන්සේ පෙර කර තිබූ අකුසල කරිම නිසා. මේ ආකාරයෙන් ටික කලක් ගත වුනා. ලෝසක තෙරුන්ට මේ භවයේ විදිනා දුක ටික ටික තේරෙන්න ගත්තා. උන් වහන්සේ ගණයා කෙරෙන් වෙන්වෙලා කෙලෙස් තවන වෙර ඇතිව විදසුන් වඩා මහ රහත් භාවයට පත් වූවා. රහත් වුවා කියලත් වෙනසක් උනේ නැහැ. සිව් පසය ලැබීම අතින් බොහෝම අන්ත තත්වයක තමයි උන් වහන්සේ සිටියේ. බත් ලැබෙනකොට බත් ලැබෙන්නේ හැන්දයි. කඩල ඇට දෙක තුනයි.



මෙසේ බොහෝම අමාරු තත්වයක උන් වහන්සේ ජීවත් උනා. කෙමෙන් කෙමෙන් උන් වහන්සේ පිරිණිවන් පානා දවස උදා වුනා. එදින පෙරවරුවේ දම් සෙනෙවි සැරියුත් මහා හාමුදුරුවො, ලෝසක තෙරනුවෝ පිළිබදව අතීතය ආවර්ජනා කරමින් සිටියා. උන් වහන්සේගේ දිවැසට ලෝසක තෙරනුවන් එදින සවස් ජාමයේ පිරිණිවනට වඩිනා බව පෙනීගියා. ලෝසක හාමුදුරුවෝ මුලු ජීවිත කාලය පුරාවටම බඩ පිරෙන තරමේ ආහාරයක් වලදා තිබුනේ නැති බව උන් වහන්සේට පෙනී ගියා. මම අදවත් ආහාරයකින් සoග්‍රහ කල යුතුයි කියා සිතූ සැරියුත් හාමුදුරුවෝ ලෝසක තෙරුන් සමග පින්ඩපාතයේ වැඩියා සැවැත් නුවර වෙත. සියලුම මිනිසුන් සැරියුත් මහ තෙරුන්ගේ පාත්‍රයට අහාර පූජා කරා. නමුත් සැරියුත් හාමුදුරුවන් සමග වැඩි ලෝසක තෙරුන්ට කිසිවක් පූජාකලේ නැහැ. සැරියුත් තෙරුන්ට එසේ වීමට හේතු වැටහුනා. දෙවන අවස්ථාවේ ලෝසක තෙරුන් විහාරයට පිටත් කරවා සැරියුත් තෙරුන් තනිව පින්ඩපාතයේ වැඩියා. පාත්‍රය පිරී ගිය පසුව උන් වහන්සේ පුද්ගලයෙකු ගෙන්වා ඒ ආහාර පාත්‍රය ලෝසක තෙරුන් වෙත පිටත් කර යැවුවා. නමුත් ඒ පුද්ගලයා අතරමගදී ඒ සියලු අහාර අනුභව කලා.



මදක් දවල් වී සැරියුත් හාමුදුරුවන් ලෝසක තෙරුන්වෙත පැමින මම ඔබ වහන්සේට දවල් ආහාර පාත්‍රයක් පුරවා එවනු ලැබුවා. ඔබ වහන්සේට ඒවා ලැබුනා දැයි විමසා සිටියා. එවැනි යමක් තමන් වහන්සේ වෙත නොලැබුන බව ලෝසක තෙරුන්, සැරියුත් හාමුදුරුවන් වෙත ප්‍රකාශ කලා. පෙර කර්ම වල විපාක හොදහැටි වටහාගෙන සිටි සැරියුත් හාමුදුරුවෝ මේ පින්ඩපාතයට කාලය නොවයි. යන්නට ඇත්තේ රජ මැදුර පමනයි සිතා තනිවම කොසොල් රජුගේ මාලිගාවට වැඩම කලා. අවේලාවේ තම මැදුරට පින්ඩපාතයේ වැඩි සැරියුත් තෙරනුවන් හට රජතුමා චතුමදුර පූජාකලා.


ඒ පාත්‍රය රැගෙන ලෝසක තෙරුන් වෙත ගිය සැරියුත් හාමුදුරුවෝ තම පාත්‍රය තුල ඇති චතුමදුර වලදන ලෙන ලෝසක තෙරුන්ට කියා සිටියා. නමුත් සැරියුත් හාමුදුරුවන්ට ඇති ගෞරවය නිසා ලෝසක තෙරුන් කිසිවක් නොපවසා පසකට වී සිටියා. ඒ බව දුටු සැරියුත් තෙරුන් "ඇවැත්නි පසුබට වෙන්න එපා. මම පාත්‍රය අල්ල ගෙණ සිටින්නම්. එසේ නොවුනහොත් මේ සියලු චතුමදුර අතුරුදහන් වී යනු ඇත. මෙහි එන්න. ඇවිත් මේ චතුමදුර වළදන්න" යැයි පවසා සිටියා. ලෝසක තෙරනුවො, සැරියුත් හාමුදුරුවෝ පාත්‍රය අල්ලා සිටියදීම චතුමදුර වැළදුවා. සැරියුත් හාමුදුරුවන්ගේ අනන්ත අප්‍රමාන සීල බලය නිසා පාත්‍රය තුල වූ ආහාර වලට කිසිවක් වුනේ නැහැ. ලෝසක තෙරුන් මුලු ජීවිත කාලය පුරාවටම බඩකට පුරා ඇති තරම් ආහාර වැළදුවේ මෙදින පමනයි. ඒ අපේ මහා සැරියුත් හාමුදුරුවන්ගේ පිහිටෙන්.



මේ දානය වළදා නොබෝ වේලාවකින් උන් වහන්සේ අපවත් වුනා. ලෝසක තෙරුන්ගේ භෂ්මාවශේෂ තැන්පත් කර වෙහෙරක් කරවීමට අප මහා බුදුරජානන් වහන්සේ කටයුතු කලා.

Tuesday, December 4, 2012

කොමඩු අක්කා.....





අද කියන්න යන කතාන්දරයත් අපේ කස්ටියට ට්‍රිප් එකක් යන අතර මඟ වෙච්ච රසබර සිදුවීමක්. වැඩි ඈතක නම් නෙමෙයි. අපේ අවසාන සංචාරයේදී වෙච්ච ආතල් සීන් එකක්. පසුගිය ඔක්තෝඹර් මාසයෙ දින තුනක නිවාඩුවක් තිබුනා ඔයාලාට මතක ඇති නේ. මෙ දින තුනේ අපේ කාන්ඩේ සංචාරය කලේ බිබිල, මොණරාගල, අම්පාර, මඩකලපුව, පොලොන්නරුව කියන ප්‍රදේශ වල. පළවෙනි දවසේ රෑ අපි නවාතැන් ගත්තේ බිබිල නගරයේ. බකාඩි ලීටරේ බෝතල් දෙකක් ඉවර කරන්න අපේ ට්‍රිප් එක ගියපු 08 දෙනාට පැය දෙකක් ගියෙ නෑ. කොහොම හරි ඉතිං පහු වෙනිදා උදේ 8.30ට බිබිලෙන් පිටත් වෙන්න හිතං හිටිය අපි 10ටත් දොයි කියපංකෝ. යාන්තම් 10.30ට විතර නැගිට්ටා. 




සියිලිමේ කැරකෙන ෆෑන් එක කැරකෙන ගමන් නිකං මගේ මූන හරියට ඇවිදින් ආයේ සිවිලිම ගාවට යනවා වගේ මට පේන්නේ. බම්ප් වෙනවා ටැනිස් බෝලයක් වගේ. ටිකක් ඇස් දෙක පියං හිටියා. ඇස් ඇරලා බලනකොට මෙන්න ෆෑන් එක මගේ නම කියලා කතා කරනවා "පෙරෝ පෙරෝ නැගිටහං කියලා"  හැබැයි ෆෑන් එක කතා කරන කට හඬ හොඳට අහලා පුරුදු එකක්. ටිකක් වෙලා එහෙම්මම හිටියා. හප්පා......නදියගේ කට හඬනෙ මට ඇහුනේ කියලා ක්ලික් වෙනකොට විනාඩි 10ක් විතර ගිහිල්ලා. ට්‍රයි කරලා ඇඳේන් බිමට බැස්සා. හිටං ඉන්න බැරි තරමට වැනෙනවා. රෑ බඩු හොඳම එකෙං වැදිලා තියෙන්නේ. කලවං උනෙත් නෑ. මොකක් උනාද කියලා හිතා ගන්න බෑ. යාන්තම් බිත්තිය අල්ලගෙන අල්ලපු කාමර වල හිටිය අපෙ හාදයෝ බලන්න ගියා. අපරාදේ කියන්න බෑ උන්ටත් මට වගේම බොන්න බැරි නිසා ඔක්කොමලා භමනය වෙමිනුයි හිටියෙ. කොහොමින් කොහොම හරි එක එකා යාන්තම් නාවගෙන එහෙම 12ට කිට්ටු වෙලා තමා  බිබිලෙන් පිටත් උනේ. බකාඩි වලට පිං සිද්ධ වෙන්න බලන්න හිතගෙන හිටිය තැන් කීපයක්ම අපිට මඟ ඇරුනා. 




බිබිල ටවුමෙන් උදෙටද දවල්ටද මන්දා කෑමත් කාලා අපි අම්පාර බලා යමිනුයි හිටියේ. අපෙ ට්‍රිප් වල අනිවාර්ය අංගයක් වගේම අනිවාර්ය පින්තූරයක් තමා කොමඩු කෑමෙ පින්තූරය. අපි මොන ට්‍රිප් එක ගියත් කොමඩු කඩයක් ගාව කොමඩු කන්න නම් අමතක කරන්නේම නෑ. ඒ නිසා අපේ චාරිකා සටහන් වල වගේම බුකියේ අපේ ටීම් එකේ ඈයොන්ගේ පින්තූරු ඇල්බම් වලත් අනිවාර්ය පින්තූරයක් තමා ඔය කොමඩු පින්තූරෙ. අපේ සැට් එකේ එකෙක් ඇරෙන්න අනිත් ඔක්කොමලා කොමඩු පෙරේතයෝ. නිකංම නිකං පෙරේත්යෝ නෙමෙයි. මුල් කොමඩු මළපෙරේතයෝ. කොමඩු කඩයක් හිස් කරයි පැය දෙකකින්.  ඔය කොමඩු නොකන එකම එකා වෙන කවුරුවත් නෙමෙයි. මේ මම. මට කොමඩු කියන කෑම දැක්කත් බඩ දඟලනවා. වෙන එකක් තියා තරුපහේ හෝටල් වල කොමඩු පොඩි පොඩි කෑලි කපලා ලස්සනට එක එක විච්චුරණ කොරලා තියෙන එකක් දැක්කත් මට මොකද්දෝ කුජීත ෆීලිං එකක් එනවා. එච්චරටම ම්ට කොමඩු කියන කෑම අප්‍රසන්නයි. 




ඒකට හේතුවත් මම කියන්නම්. ඉස්සර මම පොඩි කාලේ අපේ ගෙදර කස්ටිය නිතරම යන තැනක් තමා කතරගම. මතක ඇති ඉස්සර කාලේ අර තිබුනා කොලපාට පැජරෝ. සංස්ථාවලට එහෙම දීලා තිබුනේ. ඔන්න ඔයින් එකක තමා අපේ ගෙදර ඈයෝ කතරගම යන්නේ. මාස තුනකට වතාවක් කතරගම ගමන අනිවාර්ය අංගයක්. ඔය සංස්ථා පැජරෝ එකේ සීට් තියෙන්නේ ඩ්‍රයිවර් ගාව එකයි, ඊට පස්සෙන් සීට් එකයි, අනිත් සීන් පිටිපස්සේ මූනට මූන බලං වාඩි වෙලා යන විදියටනේ. දවසක් අපේ ගෙදර කට්ටියත් අම්මගේ පවුලේ සහෝදර සහෝදරියෝ ටිකත් දාගෙන තාත්තා කතරගම ගියා. එ කාලේ මගේ කොමඩු භීතිකාව තිබුනේ නෑ. මට වයස අවුරුදු 7ක් හෝ 8ක් වෙන්න ඇති. එදා මට මතකයි කොමඩු ගෙඩි දෙකක් මම තනියම කෑවා. එක ගෙඩියක් තනියම කාපු මම මර ලතෝනි දීලා ඇඬුවා තව එකක් ඕනේ කියලා. මගේ වදෙන් බේරෙන්න බැරි කමට මාමා කෙනෙක් තව එකක් අරගෙන දුන්නා. ඒකත් කාපු මම තංගල්ලේ ඉඳං කොළබට එනකං වමනේ දැම්මා මට ලාවට වගේ මතකයි. එදයින් පස්සේ මම කොමඩු කනවා තියා කොමඩු කඩයක් පාරේ දැක්කත් පාරෙං අනිත් පැත්තට පැනලා යන තරමට කොමඩු වලට ආදරේ කොරන්න ගත්තා කියමුකෝ.


වැල් වටාරම් වැඩි උනා. දැං ආයේ කතාවට යමු. 



ඔන්න ඉතිං මම කීවානේ අපි බිබිලෙන් පිටත් වෙලා අම්පාරට යන ගමන් හිටියේ කියලා. අපි ගමන් කරමින් හිටියේ නිල්ගල හරහා අම්පාරට යන පාරෙ. 

මේ හරියේ තමා නිල්ගල  ඖෂධීය වනය එහෙම පිහිටල  තියෙන්නේ. ගොඩාක් ලස්සන හරියක්. මේ පාරෙන් ඔයාල සංචාරය කරලා තියෙනවා නම් දන්නවා ඇති මම මේ කියන හරිය. තනි කැලෑව. පාර අද්දරට අලි පවා එනවා. අපේ ගමනෙත් අලියෙක් පාර අද්දරට ඇවිත් හිටියා අපි දැක්කා. අපේ කස්ටිය ඉතිං කොයි වෙලෙත් KNKTED නේ. ඩයලොග් නම් නෙමෙයි. අපි හැමෝම හම්බ උනේ අන්තර්ජාලය හරහා කියලා මගේ මුල් පෝස්ට් වල මම ඔයාලාට කීවා. ඉතිං මම විතරක් නෙමෙයි. අපි හැමෝම 24*7 ඔන්ලයින් ඉන්න කට්ටිය. ඔෆිස් එකේ, ගෙදර, ලැප් එකේ වගේම ජංගම දුරකතනයෙනුත් කොයි වෙලෙත් ඔන්ලයින් තමා. බිබිල අම්පාර පාරේ ඔය නිල්ගල හරියේ අපේ මොබයිල්  එකකට වත් සිග්නල් කඳුලක් නෑ. Dialog, Mobitel, Etisalat, Airtel, Hutch ඔවුවයින් එකකටවත් ඔය නිල්ගල කැලේ හරියට සිග්නල් නෑ. දැං අපේ කස්ටියට ඉන්න බෑ. විශේෂයෙන් දිලුමාට එහෙම. කැලෑව පහුවෙනවත් එක්කම  මෙන්න තියෙනවා කොමඩු පිරිච්ච කොමඩු කඩයක්. අපේ ඈයොන්ගේ මොබයිල් සිග්නල් නැති සෝකේ කොහෙන් ගියාද නෑ. නදියට බ්‍රේක් පෑගුනේ ඉබේටම. ඒ එක්කම ඔක්කොම එක පොදිය්ට කෑ ගැහුවේ "අන්න කොමඩු...." කියලා. නදියත් වාහනේ නැවැත්තුවා කඩේ ගාවින්ම. දැං ඔක්කොමලා කඩේ වට කරගෙන. මයේ මොකෝ ඉතිං... ඇති පදං කාපල්ලකෝ කොමඩු කියලා මම කැමරාව අරං එලියට බැස්සෙ හැම ට්‍රිප් එකකදීම වගේ මේකෙදිත් කොමඩු ෆොටෝ එක ගන්න හිතාගෙන.





කඩේ හිටියේ අක්කා කෙනෙක්. අපෙ උනුත් ජීවිතෙ පළවෙනි වතාවට කොමඩු කනවා වගෙ කොමඩු ගිලිනවා. කඩෙ අක්කත් හරි සුහදශීලී චරිතයක්. අක්කත් කොමඩු කප කප දෙනවා. මුං ගිලිනවා. මගේ බඩ දඟලනවා. මම අක්කත් එක්ක කතාවට වැටුනා. බලනකොට අක්කා මෙහෙ නෙමෙයි. අක්කාගේ මහ ගෙවල් කඩුවෙල. අක්කා බැඳලා. බැඳපු අයියා එක්ක යාලුවෙලා ඉන්න කාලෙ  එයාලට ගෙවල් වලින් ප්‍රශ්ණ ඇවිල්ලා. දෙන්නා එක්ක පැනලා ඇවිල්ලා නිල්ගලට. කොමඩු කඩයක් දාගෙන ජීවත් වෙනවා. අයියා හේන් කොටනවා. වග කරනවා. අක්කා කොමඩු කඩේ කරනවා. බලන්න ආදරේකට කරන්න පුළුවන් දේවල්. එයාලගේ ජීවිත කොච්චර සරළද? වගකීම් අඩුයි. අවශ්‍යතා අඩුයි. ඒ නිසා වියදම් අඩුයි. ජීවිතේ කොච්චර ලස්සනට, සරළව, ආදරෙන් එයාලා ගෙවනවාද කියලා මට හිතුනා. 





මම ඉතිං ෆොටෝ ගන්නවා. අපෙ උං ගිලිනවා. ඔය අතරේ තමා අක්කාගෙ අතේ තිබුන ජංගම දුරකතනය මගේ ඇස ගැටුනේ. මම ඒක ඇහෙන් පෙන්නුවේ පාර දිගට සිග්නල් හොය හොය ආව දිලුමාට. මම මගේ ජංගම දුරකථනය එලියට අරගෙන බැලුවා. ඩයලොග් වලට No Network. දිලුමා Mobitel. ඒකටත් නෑ. චමිතා Etisalat. ඒකටත් නෑ. නෑ කියන්නේ නැත්තටම නෑ. සිග්නල් පේන තෙක් මානයකත් නෑ වගේ. දැං අපිට හෙන ප්‍රශ්නයක්. 


"අක්කේ.. අක්කගේ ෆෝන් එකට සිග්නල් තියනවාද?" 


දිලුමා අක්කගෙන් ඇහුවෙ බැරිම තැන.


"සිග්නල්....... මොන සිග්නල්ද මල්ලි මේ කැලේ? මටත් ෆෝන් එකක් තියෙනවා. අයියටත් ෆෝන් එකක් තියෙනවා. අපි දෙන්නම ෆෝන් දෙකක් අරගත්තේ වෙලාව බලන්න ඕන නිසයි"

කොමඩු කඩේ

නදියා

දිලුමා





Monday, December 3, 2012

පියාඹන ගුරුලේත්තු....




මෙ දවස් වල ලංකාවේ පඳුරක් පදූරක් ගානේ පිටසක්වල ජීවියෝ ඉන්නවා නෙ.
ඔය පිටසක්වල උන් පීරිසි වල විතරක්‌ නෙමයි අඬු කෝප්ප වල හිටන් යනවා..
මම දැක්ක මේ ලගදි ඕකුන් දෙන්නෙක් හෙන තඩි ගුරුලේත්තුවක නැගල යනවා..
එහෙ පීරිසි කියන්නේ නිකන් මෙහෙ මෝටර් බයික් වගේ තමයි.... 
සල්ලි තියන උන් මෙහෙ කාර් ජීප් වල යනවා වගේ යන්නේ හැලි වලන් සාස්පන් වල නැගල.....
දුප්පත් එකාට බස් වගේ තියන්නේ කලගෙඩි තමයි. :D :D :D


අත හිත කෝච්චියා ගෙනි